ජපානයේ ඔටෝ මොබයිල් ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට අවධානය

ජපානයේ ඔටෝ මොබිල් ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ ජපානයේ නව රැකියා අවස්ථා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට විවෘත කිරීමට ආරම්භ කර ඇති වැඩසටහන්වල ප්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි මහතා සහ සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබඳ සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය යමමොටෝ කොසෝ මහතා අමාත්‍ය මනුෂ නානායක්කාර සමග සාකච්ඡා කර තිබේ.
අමාත්‍යවරයාගේ පසුගිය නිල සංචාරය අතරවාරයේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට මෙතෙක් විවෘත නොවූ ක්ෂේත්‍රයන් විවෘත කරගැනීමට හැකියාව ලැබුණ බවද මෙහිදී සිහිපත් කරනු ලැබූ අතර ඒ සදහා ෆුජිමාරු සටෝෂි මහතා සහ යමමොටෝ කොසෝ මහතා දැක්වූ සහයෝගයද අමාත්‍යවරයාගේ අගය කිරීමට ලක් විය.
326 Views
Comments