තැපැල් කාර්යාලයක් කොල්ල කෑ අයෙක්ට වැඩ වරදී

ෆුකුෂිමා ප්‍රාන්තයේ කොරියාමා ප්‍රදේශයේ පොලිසිය විසින් තැපැල් කාර්යාලයක් කොල්ලකෑම සහ පාරිභෝගිකයෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට 64 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට අනුව සිද්ධිය වී ඇත්තේ පස්වරු 2.15 ට පමණය. ෂොයිචි හොන්ඩා නම් මෙම සැකකරු තැපැල් කාර්යාලයට ඇතුළු වී කාර්ය මණ්ඩලයට මුදල් දෙන ලෙස තර්ජනය කර තිබේ.
එක් නිලධාරියෙක් ඔහුට යෙන් 10,000 ක් ලබා දුන් අතර තවත් නිලධාරියෙක් පොලිසියට දැනුම් දීම සඳහා අනතුරු ඇඟවීමේ බොත්තමක් එබීය. පසුව හොන්ඩා තැපැල් කාර්යාලයෙන් පිටතට ගොස් ඇති අතර ඒ අවස්ථාවේදී කාර්ය මණ්ඩල නිලධාරීයෙක් ඔහු පසුපස දිව ගොස් පොලිසිය පැමිණෙන තෙක් අල්ලා තබාගෙන ඇත.
245 Views
Comments