චෞසු කන්දේ හිම කුණාටු අනතුරට වසර 6ක් සපිරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

චෞසු කන්දේ හිම කුණාටු අනතුරට වසර 6ක් සපිරේ

චෞසු කන්දේ හිම කුණාටු අනතුරට වසර 6ක් සපිරේ

2017 මාර්තු 27 ටොචිගි ප්‍රාන්තයේ නාසු නගරයේ චෞසු කන්දේ කඳු නැගීමේ ක්‍රියාකාරකමක් අතරතුර ඔටවාරා උසස් පාසලේ සිසුන් හත් දෙනෙකු සහ එක් ගුරුවරයෙකු හිම කුණාටුවකට හසුව මියගියේය.

 

එම සිදුවීමට වසර හයක් සපිරීම නිමිත්තෙන් පාසලේ අනුස්මරණ ස්මාරකය අබියසදී අද (26) දින සමරු උත්සවයක් පැවැත්විණි.

 

විපතට පත් පවුල් සහ ආදි ශිෂ්‍යයින් ඇතුළු 50 දෙනෙකු පමණ ඊට සහභාගී වූහ.  

 

හිම කුණාටු අනතුර සිදුවී ඇත්තේ හිම මත ඇවිදීමේ පුහුණුව අතරතුර චෞසු කන්දෙන් අඩක් පමණ ඉහළට යද්දීය. ප්‍රාන්තයේ උසස් පාසල් සිසුන් සහ ගුරුවරුන් 48 දෙනෙකු මීට සම්බන්ධ වූ අතර ඔවුන්ගෙන් අට දෙනෙකු මියගොස් 40 දෙනෙකු බරපතල හෝ සුළු තුවාල ලබා තිබුණි.

views

293 Views

Comments

arrow-up