සම්බාහන මධ්‍යස්ථානයක් කොල්ල කෑ පුද්ගලයෙක් සොයා පරීක්ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

සම්බාහන මධ්‍යස්ථානයක් කොල්ල කෑ පුද්ගලයෙක් සොයා පරීක්ෂණ

සම්බාහන මධ්‍යස්ථානයක් කොල්ල කෑ පුද්ගලයෙක් සොයා පරීක්ෂණ

අද(19) පෙරවරු 8.40 ට පමණ තෝකියෝ ප්‍රාන්තයේ බන්කියෝ වෝඩ් හි යුෂිමා හි ගොඩනැඟිල්ලක 4 වැනි මහලේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට කඩා වැදුණු පුද්ගලයකු එහි සිටි සේවිකාවන් දෙදෙනෙකුට පිහියක් පෙන්වා තර්ජනය කර තිබේ.

 

පසුව කාන්තාවන් දෙදෙනාට තුවාල කර මුදල් සොරකම් කර පලාගොස් තිබේ.

 

ඔහු අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන්නෙකු ලෙස සැලකෙන අතර උස මීටර් 1.70ක් පමණ වේ.  

 

එමෙන්ම ඔහුට දුඹුරු පැහැති හිසකෙස් ඇති අතර තැඹිලි පැහැති කබායක් පැළඳ සිට ඇත.

views

229 Views

Comments

arrow-up