ජපන් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

ජපානයේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී තැනැත්තන් රවටා මුදල් වංචා කළ පොලිස් නිළධාරියෙකු, කාර්යාංශය වෙත ලද පැමිණිල්ලකට අනුව, 2023 ජූලි මස 15 වන දින කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉමදූව, බටේමුල්ල ප්‍රදේශයේ පදිංචි පියසේන අධිකාරි නම් සැකකරු රාජකාරි අතරතුරදීම අත්අඩංගුවට ගෙන ජූලි මස 15 වන දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 7 බැගින් වූ ශරීර ඇප 2 ක් මත මුදාහැරීමටත්, වංචනිකව ලබාගත් මුදල් ජූලි මස 30 දිනට පෙර යළි අදාළ පුද්ගලයින් වෙත ලබාදිය යුතු බවටත් මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී. අගෝස්තු මස 7 වන දින නඩුව යළි කැඳවීමට නියමිතයි.
විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.
366 Views
Comments