අධික උෂ්ණත්වයෙන් 3ක් මරුට

ජපානයේ තාප ආඝාතයෙන් රෝහල් ගත වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව පෙර සතියට වඩා දෙගුණයක් වී ඇත.
ඒ අනුව මේ සතිය තුළ පුද්ගලයින් 8,189 දෙනෙකු රෝහල් ගත කර තිබේ. ඉන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇත.
මෙම සතිය තුළ ජපානයේ බොහෝ ප්‍රදේශවල දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 දක්වා ඉහළ ගියේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි සතිය තුළ බොහෝ ප්‍රදේශවල දැඩි උෂ්ණත්වය දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.එළිමහනේ වැඩ කරන්නේ නම් වායු සමීකරණ භාවිතා කරන ලෙසත්, සිරුර සජලනය කර තබාගෙන විටින් විට විවේක ගන්නා ලෙසත් නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
312 Views
Comments