කාණුවක සිරවී සිටි මුහුදු කැස්බෑවෙකු බේරා ගැනේ

නිරිතදිග ජපානයේ දූපතක ඇති මාර්ගයක කාණුවක සිරවී සිටි විශාල මුහුදු කැස්බෑවෙකු බේරාගෙන ආරක්ෂිතව මුහුදට යවා තිබේ.
Kagoshima ප්‍රාන්තයේ Amami-Oshima දූපතේ පදිංචිකරුවෙකු වෙරළ ආසන්නයේ ඇති කාණුවක මුහුදු කැස්බෑවා දැක අද (13) උදෑසන Amami නගර නිලධාරීන්ට දැනුම් දී ඇත.
විනාඩි 30 කට පමණ පසු, අවම වශයෙන් කිලෝග්‍රෑම් 100 ක් බරැති සෙන්ටිමීටර 95 ක් දිග කැස්බෑවා බේරා ගැනීමට පුද්ගලයින් 10 කට වැඩි පිරිසක් එක්වූහ.
ඔවුන් කැණීම් යන්ත්‍රයක් සහ කඹයක් යොදා ගනිමින් කැස්බෑවා සෙන්ටිමීටර් 40 ක් පමණ පළල සහ සෙන්ටිමීටර් 60 ක් පමණ ගැඹුරකින් යුත් වළෙන් ගොඩට ගෙන ඇත.
කැස්බෑවා බිත්තර දැමීමට අසල වෙරළකට ගොඩට පැමිණ අතරමං වන්නට ඇති බවට සැක කෙරේ.
280 Views
Comments