මෙම වසරේ ජපානයේ ආහාර පාන ද්‍රව්‍ය 30,000 ක පමණ මිල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

මෙම වසරේ ජපානයේ ආහාර පාන ද්‍රව්‍ය 30,000 ක පමණ මිල ඉහළට

මෙම වසරේ ජපානයේ ආහාර පාන ද්‍රව්‍ය 30,000 ක පමණ මිල ඉහළට

පෞද්ගලික පර්යේෂණ ආයතනයක් විසින් කරන ලද සමීක්ෂණයකින් පෙනී යන්නේ මෙම වසරේ ආහාර පාන ද්‍රව්‍ය 30,000 ක පමණ මිල ඉහළ ගොස් ඇති බවයි.

 

Teikoku Databank නම් මෙම පර්යේෂණ ආයතනය විසින් සමාගම් 195 ක් සමීක්ෂණය කරන ලදී. 

 

මෙම වසර අවසන් වන විට ආහාර පාන ද්‍රව්‍ය 35,000 ක පමණ මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර එය පසුගිය වසරට වඩා 10,000 කින් පමණ වැඩි වේ.  

 

සමහර ද්‍රව්‍ය සඳහා පිරිවැය ස්ථාවර වී ඇති බැවින් ඔක්තෝම්බර් මාසයේදී මිල වැඩිවීම මන්දගාමී වනු ඇතැයි ද සමාගම අපේක්ෂා කරයි.

 

එහෙත් එහි විශ්ලේෂකයින් සඳහන් කරන්නේ විදුලි බිල්පත් වැඩිවීම සහ යෙන් අගය පහත වැටීම ආදිය මිල ඉහල යාමට හේතු විය හැකි සාධක බවයි.

 

views

387 Views

Comments

arrow-up