JUN
01
Kawasaki නාගරික රෝහලේ ගින්නක්

පෙරේදා (30) සවස 2.00 ට පමණ Kawasaki නාගරික රෝහලේ ගින්නක් හටගෙන තිබේ.
මේ හේතුවෙන් CT ස්කෑන් ලබාගැනීම තාවකාලිකව නොහැකි වූ අතර රෝහල හදිසි රෝගීන් පිළිගැනීම සීමා කළේය.
නමුත් රාත්‍රී 8 ට පමණ විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් වූ අතර රෝගීන් භාර ගැනීම නැවත ආරම්භ විය.
රෝහල් කාර්යාංශයට අනුව පළමු මහලේ ඇති බ්‍රේකර් ගින්නෙන් හානි වී ඇති අතර CT ස්කෑනර් වැනි රෝග විනිශ්චය උපකරණ භාවිතයට ගත නොහැකි විය.
කවාසාකි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව ගින්නට හේතුව විමර්ශනය කරයි.
255 Views
Comments