Geo Wakaba ක්‍රීඩා වෙළඳසැල කොල්ල කයි

ඊයේ (24) රාත්‍රී 11.55 ට පමණ සයිටමා ප්‍රාන්තයේ Tsurugashima නගරයේ Fujimi හි පිහිටි "Geo Wakaba store" ක්‍රීඩා වෙළඳසැලකට කඩා වැදුණු මිනිසෙක් පිරිමි ලිපිකරුවෙකු ට පිහියක් පෙන්වා තර්ජනය කර ඇත.
පසුව මෙම පුද්ගලයා යෙන් 450,000 ක පමණ මුදලක් සොරකම් කර පලා ගොස් ඇත.
එම අවස්ථාවේ වෙළෙඳසැලේ පාරිභෝගිකයන් කිසිවකු නොසිටි අතර සේවකයාටද තුවාල සිදුවී නොමැත.
සිද්ධිය කොල්ලකෑමක් ලෙස නිශිඉරුම පොලිස් ස්ථානය පරීක්ෂණ පවත්වයි.
පොලිසිය පවසන පරිදි මෙම පුද්ගලයා වයස අවුරුදු 20 ත් 30 ත් අතර වන අතර උස සෙන්ටිමීටර් 160-70 ක් පමණ වේ.
236 Views
Comments