CSPI EXPO 2023 ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකිකයෙකුගේ නිශ්පාදන එළිදක්වයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
25

CSPI EXPO 2023 ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකිකයෙකුගේ නිශ්පාදන එළිදක්වයි

CSPI EXPO 2023 ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකිකයෙකුගේ නිශ්පාදන එළිදක්වයි

CSPI EXPO ප්‍රදර්ශනය ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධව ජපානයේ පැවැත්වෙන විශාලතම ප්‍රදර්ශනයයි. ලෝකයේ විවිධ දියුණු රටවලට අයත් නමගිය ව්‍යාපාරිකයන්ට අයත් ප්‍රදර්ශන භාණ්ඩ සහ නිපැයුම් මේ සඳහා ඉදිරිපත් වේ. Hitachi, Kobelco, Komatsu ඉන් කිහිපයකි. වසර කිහිපයක් මුළුල්ලේ මෙම ප්‍රදර්ශනය සඳහා ජාපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු වන සුමිත් රත්නායක මහතාද එතුමාට අයත් Kenki world ආයතනය විසින් නිශ්පාදිත සහ ආනයනය කර බෙදාහරින නිශ්පාදනද මෙවරත් ඉදිරිපත් කර ඇත. 

 

Kenki World ආයතන විසින් ඉතාලියේ නිශ්පාදිත FAE සන්නාමය යටතේ ඇති RCU55 දරණ තණකොළ සහ පඳුරු කැපීමේ යන්ත්‍රය ඉදිරිපත් කර ඇත. එහි විශේෂය වන්නේ මෙම යන්ත්‍රය ක්‍රියාත්මක වන්නේ සම්පූර්ණයෙන්ම දුරස්ථ පාලකයකින් වීමය. දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වන නිසා ඕනෑම බෑවුමක සහ ලැව්ගිනි වැනි හදිසි අවශ්‍යතාවයන් වලදීද පවා මෙම යන්ත්‍රය ඉතා පහසුවෙන් භාවිතයට ගත හැකිය. 

 

ඊට අමතරව Kenki World ආයතනය විසින් නවතම App කිහිපයක් එළිදක්වා ඇත. Smart Rental Solution App, Minishare App ඉන් කිහිපයකි. මෙම App Android සහ iOS යන යෙදවුම් දෙකෙන්ම Download කිරීමේ හැකියාව ඇත. Minishare මගින් ඔබගේ ආයතනයේ හෝ නිවසේ හෝ ඔබට ඉවත් කිරීමට ඇති ඕනෑම භාණ්ඩයක් හෝ ඔබගේ ආයතනයට හෝ නිවසට හෝ අවශ්‍ය වන භාණ්ඩයක් වෙනත් කෙනෙකු සමඟ හුවමාරු කරගැනීමට මෙමගින් හැකියාව පවතී. ඊට අමතරව Enterprise Resources Planning (ERP) system, Customer Resources Management (CRM) System ද ඔබගේ අවශ්‍යතාවයට අනුකූලව Kenki World ආයතනය මගින් සේවාව ලබා ගැනීමේ හැකියාව පවතී. 

තවද එම ආයතනය මඟින් නිශ්පාදිත ඔබගේ ව්‍යාපාරයට,වාහනයට,යන්ත්‍රෝපකරණ සහ නිවසට අත්‍යාවශ්‍ය වන GPS Solution, Smart Camera Systems, Security Systems දැන් ලබා ගත හැක.  

 

වැඩි විස්තර සඳහා පහත සඳහන් වෙබ්අඩවි වලට පිවිසෙන්න. 

 

https://sumic.jp
https://minishare.com 

 

✍️සටහන: සචිත් සේනාධීර

 

 

 

 

 

 

 

 

views

435 Views

Comments

arrow-up