පොලිසියේ අන නොතකා ධාවනය කළ මෝටර් රථය මුහුදේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
10

පොලිසියේ අන නොතකා ධාවනය කළ මෝටර් රථය මුහුදේ

පොලිසියේ අන නොතකා ධාවනය කළ මෝටර් රථය මුහුදේ

ඊයේ (09) ෆුකුඕකා ප්‍රාන්ත පොලිසිය විසින් 40 හැවිරිදි ඉදිකිරීම් සේවකයෙකු, 50 හැවිරිදි කමාටා නගරයේ පදිංචි ඉදිකිරීම් සේවකයෙකු සහ 43 හැවිරිදි රැකියා විරහිතයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙනුයි.

 

මොවුන් තිදෙනා 8 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ෆුකුඕකා නගරයේ හකටා වෝඩ් නගරයේ පාරකදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ප්‍රාන්ත පොලිසියේ මුර සංචාරයේ යෙදී සිටි නිලධාරීන්ගේ අන නොතකා රථය නොනවත්වා ධාවනය කර ඇත.

 

ඉන්පසු මීටර් 850ක් පමණ දුරින් මෝටර් රථය තොටුපළකින් මුහුදට වැටී ඇති අතර තිදෙනාම  නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.

 

views

232 Views

Comments

arrow-up