නිවැරදි බඳුන තෝරා ගනිමු

වර්තමානයේ ඉවතලන අපද්‍රව්‍ය නිසි පරිදි ප්‍රතිචක්‍රීකරණයට ලෝකයේ බොහෝ රටවල් යොමු වී තිබේ. ජපන් ජාතිකයින් මෙම ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය වඩාත් ක්‍රමවත් ලෙස සිදුකරනු ලබයි.
එහිදී මූලික වශයෙන් දිරන අපද්‍රව්‍ය හා නොදිරන අපද්‍රව්‍ය ලෙස වෙන් කර නොදිරන අපද්‍රව්‍ය නැවත් වීදුරැ, ප්ලාස්ටික් ආදී ලෙස බෙදා ප්‍රතිචක්‍රීකරණයට යොමු කරයි. ඔවුන් සෑමවිටම තමන් ඉවතලන දේ නියමිත කසල බදුනටම දැමීමට උනන්දු වෙති. එනිසා ජපානයේ පාරවල් දෙපස හා අවට පරිසරය ඉතාමත් පිරිසිදුය.
මේ ජපන් ජාතිනයන් තුළ දක්නට ලැබෙන යහපත් ගතිගුණ වලින් කිහිපයක් පමණි. සංවර්ධිත රටක් ලෙස ඉදිරියට ඒමට ,මෙවැනි යහපත් ගුණාංග ඉවහල් වී ඇති බව නොහැඟේද.
401 Views
Comments