විදේශ සිසුන් ජපානයේදී ගමනාගමන පහසුකම් සලසාගන්නේ කෙසේද?

ජපානයට ගිය විගස ඔබ කල යුතු දෙයක්නම් පාපැදියක් මිලදී ගැනීමයි. ඒ සදහා රු. 12000-15000 පමණ වැය වේ.
මග වියදම අඩුකරන බැවින් ඇත්තෙන්ම ඉතා පහසුය. ජපන් ජාතිකයන් බහුතරය පවා භාවිතා කරන්නේ පාපැදියයි. පෙර පාසල් ළමුන්ගේ සිට වැඩිහිටියන් පවා පාපැදිය භාවිතා කරයි. පාපැදියෙන් යාමට බිය වීමට කිසිදු හේතුවක් නොමැත. එයට හේතුව නම් පාපැදි සදහා වෙනම මං තීරුවක් වෙන් කර තිබීමයි.
මෙහිදී පැවසිය යුතු අනෙක් දෙයක්නම් ජපන් දුම්රිය සේවවායි. ඒ සදහාද විදේශ ශිෂ්‍යයන් හට විශේෂ හැදුනුම් පතක් ලබා ගතහැකි අතරම
එමගින් සියයට ප්‍රමාණයක අඩු කිරීමක් ලැබෙන බව ම දන්නා කරුණකි. ඇත්තෙන්ම ජපන් දුම්රිය සේවය ඉතා කාර්යක්ෂමය. නියමිත වේලාවට පැමිණෙයි.එහිදී කිසියම් ආකාරයකින් ප්‍රමාද දෝෂයක් වාර්තා වන්නේ නැත. ලංකාවේ බහුල දෙයක් වන බස් රථ ප්‍රවාහනය ජපනයේනම් එතරම් දක්නට නොමැත.බස් ගස්තු ඇත්තෙන්ම මිල අධිකය. එමපනක් නොවන බස් රථ ගමන් මාර්ගද තරමක් අපැහැදිලිය.
taxi ගැන විමසා බැලීමේදී හැදින්විය හැක්කේ ඉතාමත් මිල අධිකම මාධ්‍යය ලෙසටය. ඇත්තෙන්ම හදිසි අවස්ථාවක් හැරුනුකොට taxiක ගමන් කිරීම ඇත්තෙන්ම සිත බැලිය යුතුය.
445 Views
Comments