තාවකාලික පැවිදි පුහුණු පිංකම

ඔබොන් නිවාඩු සමයේ සතියක කාලයක් තාවකාලික පැවිදිකම ලබාදීම අගෝස්තු මස 11 සිට 19 දක්වා ෆුජි සුගත සේනාසනයේ දී සිදුකෙරේ.
ඒ අනුව 11 වෙනි දින මූලික පුහුණුව, 12 වෙනි දින උදේ 8:00 පැවිදි පිංකම සහ 13 වෙනිදා සිට 19 වෙනිදා දක්වා භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා පැවැත්වේ.
ඔබත් කැමතිනම් එම වැඩසටහන්වලට සහභාගී විය හැකිය.
මේ වෙනුවෙන්ම ලංකාවේ සිට මෙහෙණින් වහන්සේලා දෙනමක් වැඩම කරනු ඇත.
කලාතුරකින් සිදුකෙරෙන මෙම උතුම් පිංකම් මාලාව දැකබලා, සහභාගී වී ජීවිතය සුවපත් කරගන්නා මෙන් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කරමු.
506 Views
Comments