ජපානයේ සවරා ලංකජි විහාරස්ථානයේ පොසොන් උත්සවය

ජපානයේ සවරා ලංකජි විහාරස්ථානයේ විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ වත්මන් සභාපති කොළඹ අග්‍රශාවක මහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ජුනි මස 4 වැනි ඉරුදින ඉරුදින පොසොන් පොහොය සැමරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
එදින උදෑසන 7 සිට සවස 5 දක්වා සිල් සමාදන්වීම, භාවනා වැඩසටහන, රොටි දන්සල, බත් දන්සල, ගිලන්පස බුද්ධ පූජාව සහ සෙත් පිරිත් දේශනය ආදී වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතයි.
සත්බුදු වන්දනාව සඳහා ගිලන්පස බුද්ධ පූජාවක් භාර ගැනීමට කැමති පින්වතුන් වේ නම් විහාරස්ථානය අමතන්න. (047 8561394)
242 Views
Comments