හුරුළුනිකවැවේ සුධම්ම ස්වාමීන්ද්‍රයන්වහන්සේට සුභ පතා ෆුජිනොමයා නගර ශාලාවේදි උත්සවයක්

ජපානයේ ශිසුඕක පළාතේ ෆුජිනොමිය හි පිහිටි ෆුජි සුගත සේනාසනයෙහි අධිපති සහ කනගවා සුගත සේනාසනාධිපති පූජ්‍ය ආචාර්‍ය හුරුළුනිකවැවේ සුධම්ම ස්වාමීන්ද්‍රයන්වහන්සේට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංස සද්ධම්මයුත්තික පාර්ශ්වය විසින් පිරිනමන්නට යෙදුනු ජපානයේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ සන්නස් සහ අක්තපත්‍ර ප්‍රදානය පිළිබඳ සහ ෆුජි සුගත සෙනසුනෙහි සීමා සම්මත විනය කර්මය පිළිබඳව ෆුජිනොමය නගර ශාලාවේදි උත්සවයක් ඊයේ (26) පැවැත්වුණි.
උත්සව සභාවේ ජපන් බසින් ප්‍රධාන දේශනය සිදු කරන ලද්දේ ජපානයට ථේරවාද බුදුදහම හඳුන්වා දුන් ජපානයේ මිහිඳු හාමුදුරුවෝ ලෙසින් කවුරුත් දන්නා, ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ජපානයේ ප්‍රධාන සංඝනායක තෝක්‍යෝ හි ගෝතමී විහාරාධිපති, ජපන් බසින් ග්‍රන්ථ සිය ගණනාවක් රචනා කර ඇති, අස්ගිරි පාර්ශ්වයේ අපේ මොට්ටුන්න විහාර ගණයෙහි ජ්‍යේෂ්ඨම ස්වාමීන්ද්‍රයන්වහන්සේ වන අතිපූජනීය ආචාර්‍ය අළුබෝමුල්ලේ ශ්‍රී සුමනසාරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ විසිනි.
සුධම්ම ස්වාමීන්ද්‍රයන්වහන්සේ උන්වහන්සේව තම ගුරුදේවයන්වන්සේ නමක් ලෙස සළකති. ඒ සුමනසාර නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේගෙන් උන්වහන්සේ ලැබූ මාර්ගෝපදේශකත්වය නිසාය.
අතිපූජනීය සුමනසාර නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ පූජනීය සුධම්ම නායක ස්වාමීන්වහන්සේ මහත් සේ ඇගයීමට ලක් කරන ලදී. ඒ සුධම්ම ස්වාමීන්වහන්සේගේ ශක්‍යතා සහ මාහැඟි සේවය නිසාය.
404 Views
Comments