ෆුජි සුගත සේනාසනයේ දෙවන උපෝසථ විනය කර්මය සිදුකෙරේ

ගිම්හාන ඍතුවේ 6 වෙනි පෝය ඊයේ (04) දිනට යෙදී තිබුණි.
ෆුජි සුගත සේනාසනස්ථ ශ්‍රී සුමන සාමග්‍රී සීමාවේදී දෙවන උපෝසථ විනය කර්මය සිදු කරණ ලදි.
සේනාසනයේ පසුගිය අප්‍රේල් 30 වෙනි දින සම්මත කරන්නට යෙදුණු බද්ධ සීමා මාලකයේ සිදු කරන ලද දෙවන උපෝසථ කර්මයට මහාවිහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංස සද්ධම්මයුත්තික පාර්ශවයේ ශ්‍රීමත් මහා නායක ධුරන්ධර පරම පූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි තිස්සාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ, මැලේසියාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය අළුබෝමුල්ලේ රතනසිරි නාහිමි, පූජ්‍යපාද මහඔය අනුරුද්ධ ස්වාමින්වහන්සේ, කුමගයා අනඳමෙත් විහාරයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද නාරවිල විජිතවංස නාහිමි, ජපන්ජාතික පූජ්‍ය අග්ගචිත්ත ස්වාමින්වහන්සේ, පූජ්‍ය රාවාඇල පියතිස්ස ස්වාමින්වහන්සේ, ගුම්මා බුද්ධ ශාන්ති භාවනා මධ්‍යස්ථානාධිකාරී පූජ්‍යපාද මුන්දලමේ නාරද ස්වාමින්වහන්සේ, පූජ්‍ය අගලකඩ ධම්මරතන ස්වාමින්වහන්සේ, පූජ්‍ය උඩුවිල රතනසාර ස්වාමින්වහන්සේ ඇතුලු ස්වාමින්වහන්සේලා 10 නමක් සහභාගී වුණි.
267 Views
Comments