යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ විශේෂ පුණ්‍යානුමෝදනාව

අභිනවයෙන් ඉදිවූ ජපානයේ ඉබරකි ප්‍රාන්තයේ යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති මැදගම අමරනන්ද නාහිමියන් වහන්සේ පසුගිය දිනක සියල්ලන්ට ස්තුති කරමින් ලිපියක් පල කර තිබුණි.
එම ලිපිය පහතින්
විශේෂ පුණ්‍යානුමෝදනාව...
මා මේ ලෝකයට බිහිකළ මාගේ දයාබර දෙමව්පියන් මේ වනවිට ජීවතුන් අතර නොමැති වුවත් ඔවුන් මා වෙනුවෙන් කළ කැපකිරීම් වලට මේ උතුම් පින් බෙලෙන් අමාමහ නිවන් සුව ලබත්වා....
එමෙන්ම මගේ වයස අවුරුදු 11 දී මා කලුතර මලේගොඩ පන්සලට ගෙනවිත් මා පැවිදි කොට ගුරුහරුකම් ලබාදෙමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙනුත් එහා ගොස් පශ්චාත් උපාධි අවසන් වන තෙක්ම මාව රැකබලා ගත් මාගේ ගුරුදේවෝත්තම බෙන්තර වළල්ලාවිට කෝරළයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී පුෂ්පාරාම මහා විහාරාධිපති ත්‍රිපිටකාචාර්‍ය අතිපූජ්‍ය මලේගොඩ නන්ද නාහිමිපාණන් වහන්සේට නිරෝගී සම්පත් දිගාසිරි සම්පත් ලැබේවායි මා ඉතසිතින් පත්මි.
එමෙන්ම මා දැනුමෙන් පෝෂණය කළ මාගේ සියලුම ගුරුභවතුන්ට ද ඉතසිතින් පින් දෙමි.
එමෙන්ම මට ජපානයට පැමිණීමට මගහසර පාදා දෙමින් ජපානයේ ඉබරකි ප්‍රාන්තයේ චිකුසෙයි නගරයේ පිහිටා තිබෙන "යොමොගිදා" නමැති සුන්දර ගම්මානයේ අභිනවයෙන් විහාරස්ථානයක් ගොඩනගා ගන්නට සුවිසාල දායකත්වයක් දරමින් ප්‍රශ්න ගැටලු වලදී මගේ හිත ශක්තිමත් කරමින් මාව දිරිමත් කළ මගේ කල්‍යාණමිත්‍ර කටුකුරුන්ද ජපන් ශ්‍රී ලාංකා මිත්‍රත්ව පාසලේ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති, ගෞරවනීය පූජ්‍ය මහරගම සෝමරත්න හිමිපාණන් වහන්සේට මගේ කෘතවේදීත්වය හා පුණ්‍යානුමෝදනාව පළ කරණු කැමැත්තෙමි.
එමෙන්ම මට ජපානයේ රැදී සිටීමට වීසා පහසුකම් ලබාදෙමින් ජපන් ජීවිතයේ බොහෝ අත්දැකීම් ලබන්නට ඉඩහසර සලසා දෙමින් මාව රැකබලාගත් මා බොහෝ කාලයක් අවංකව සේවය කරමින් වැඩසිටි ත්සුකුබා ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති ආචාර්ය, පූජ්‍ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමිපාණන් වහන්සේට ද මාගේ කෘතවේදීත්වය හා පුණ්‍යානුමෝදනාව පලකරණු කැමැත්තෙමි.
එමෙන්ම මට ජපන් ජීවිතයේ උපකාරයක් අවශ්‍යම වූ මොහොතේ මට උපකාරවත් වුණු නාරවිල ශ්‍රී අභයරාජ පරිවෙනාධ්‍යක්ෂ ජපානයේ කුමගයා, අනදමෙත් විහරයේ අනුශාසක පූජ්‍ය නාරවිල විජිතවංස නාහිමිපාණන් වහන්සේට මාගේ පුණ්‍යානුමෝදනාව...
එමෙන්ම මාව සිව්පසයෙන් පෝෂණය කළ ශ්‍රී ලංකාවේ මෙන්ම ජපානයේ වෙසෙන දායක කාරකාදී සැමටත් විහාරස්ථානය ගොඩනගන්නට සහයෝගය දායකත්වය ලබාදුන් සැමටත්
මේ ජීවන ගමනේ වචනයකින් හෝ මට ශක්තියක් වූ ඔබ සැමටත් බොහෝම පින් .....
කවුරුන් ගැන හෝ මතක් කිරීමට අමතක වූවා නම් සමාවෙන්න....
279 Views
Comments