ශ්‍රී බුද්ධ ශාන්ති විහාරය නව ස්ථානයකට ගෙන යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
03

ශ්‍රී බුද්ධ ශාන්ති විහාරය නව ස්ථානයකට ගෙන යයි

ශ්‍රී බුද්ධ ශාන්ති විහාරය නව ස්ථානයකට ගෙන යයි

ජපානයේ ගුන්මා ප්‍රාන්තයේ මිදොරිශි නගරයේ ඕමමා ග්‍රාමයේ පිහිටා මෙතෙක් පවත්වාගෙන ගිය ශ්‍රී බුද්ධ ශාන්ති විහාරය ඊයේ (02) දින පටන් නව ස්ථානයකට ගෙන යන ලදී.ඒ අනුව ගුන්මා ප්‍රාන්තයේම ශින්තොමුරා ප්‍රදේශයේ ස්ථීර භූමියක නව විහාරස්ථානය, ජපානයේ සිව්කොනින් වැඩම කරන ලද අති ගෞරවනීය මහා සඟරුවනේ වැඩම කරවීමෙන් හේවිසී නද සහ පිරිත් සඤ්ඤායනා මැද ප්‍රතිෂ්ඨාපනය කරන ලදී.

 

ජපානයේ නුවන් ට්‍රේඩ් ලංකා ආයතනයේ අධිපති නුවන් මහතා විසින් ශ්‍රී බුද්ධ ශාන්ති විහාරයට භූමිය සහ විහාරය සහිත සංඝා වාසය අත පැන් පොවා ඔප්පු ප්‍රධානයකින් පූජා කරන ලදී.

 

ඒ පින ඔහුගේ නිවන් අවබෝධයට පාරමිතාවක්ම වේවා!

 

views

582 Views

Comments

arrow-up