ගුම්මා ශ්‍රි බුද්ධශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය නව ස්ථානයකට ගෙනයයි

ජපානයේ ගුම්මා කෙන්හි මිඩොරි නගරයේ ඕමමා ග්‍රාමයේ දැනට පිහිටා තිබෙන ශ්‍රි බුද්ධශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය(ගුම්මා පංසල) 2023/07/02 ඉරුදින දින සිට ගුම්මා කෙන්හි ෂින්තෝ මුරා (shinto mura) ප්‍රදේශයේ නව ස්ථානයකට ගෙනයාමට නියමිතයි.
ශ්‍රී බුද්ධශාන්ති භාවනා මධ්‍යස්ථානය නව ස්ථානයකට ගෙනයෑම නිමිත්තෙන් 2023/07/02 වන ඉරුදින එම නව විහාරස්ථානයෙහිම, පිළියන්දල විද්‍යාශාන්ති පිරිවෙන සහ ජපානයේ ශ්‍රී බුද්ධශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථාන යන උභය මහ විහාරාධිපති අතිපූජ්‍ය වැල්ලවත්තේ පඤ්ඤාසිරි නා හිමියන්ගේ අනුශාසනා පරිදි සහ රාජකීය පණ්ඩිත පුජ්‍ය මුන්දලමේ නාරද හිමියන්ගේ සංවිධානත්වයෙන් පහත සදහන් පිංකම් මාලාව දවස පුරා ක්‍රීයාත්මක වේ.
* 9.30 ට මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයයේ නව විහාරස්ථානයට මල් පෙරහරින් බුද්ධ ප්‍රතිමා වහන්සේ පෙරටුකොට සර්වඥධාතු කරඩුන් වහන්සේ සහ පෞරාණික පුස්කොළ පිරිවානා පොත් වහන්සේ වැඩම කරවීම
* 10.30 ට බුද්ධ මන්දිරය සහිත නව සංඝාවාසය විවෘත කිරීම
* 10.45 චාරිත්‍රානුකූලව කිරි ඉතිරිවීම
* 11.00 ට ට විසිනමක් විෂයෙහි සාංඝික මහා දානය පිරි නැමිම.
* දහවල් 1.00 ට ගිහි පිරිසරට දිවාභෝජණය පිරිණැමීම
* සවස 4.00 ට බෝධි පූජා පිංකම සහ ඉන් අනතුරුව වස්ආරාධනා පිංකම
* සවස 5.30 ට වැඩසටහන් නිමාව
පිංකැමති ඔබ සැමටත් මෙම මහඟු පිංකම සදහා මෙත් සිතින් ආරාධනා.
343 Views
Comments