බුද්ධ ශාන්ති විහාරාධිපති වැල්ලවත්තේ පඤ්ඤාසිරි නාහිමියන් වහන්සේ ජන්ම දිනය අදයි

අද (09) දින පිලියන්දල විද්‍යාශාන්ති මහ පිරිවෙන් විහාරය, ජපානයේ බුද්ධ ශාන්ති විහාරය යන උභය මහා විහාරාධිපති අතිපූජණීය වැල්ලවත්තේ පඤ්ඤාසිරි නාහිමියන් වහන්සේ තමන් වහන්සේගේ සුපිංබර දිවියේ ජන්ම දිනය සිහිපත් කරනු ලබයි.
සබ්බීතියෝ විවජ්ජන්තු
සබ්බරෝගෝ විනස්සතු
මා තෙ භවත්වන්තරායෝ
සුඛී දීඝායුකෝ භව
සියලු උවදුරු දුරු වේවා! සියලු රෝග විනාශ වේවා! කිසිම අනතුරක් නොවේවා! දීර්ඝායුෂ සැප ලැබේවා!
තෙරුවන් සරණින් නාහිමියන්ට දිඝාසිරිම වැඩෙන නිරෝගිමත් සුබම සුබ ජන්ම දිනයක්ම වේවා!
- මුන්දලමේ නාරන්ද ස්වාමීන් වහන්සේ -
284 Views
Comments