හුරුලුනිකවැවේ සුදම්ම ස්වාමීන් වහන්සේ ජපානයේ නායක මාහිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

හුරුලුනිකවැවේ සුදම්ම ස්වාමීන් වහන්සේ ජපානයේ නායක මාහිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගනී

හුරුලුනිකවැවේ සුදම්ම ස්වාමීන් වහන්සේ ජපානයේ නායක මාහිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගනී

මහාවිහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අරියවංස සද්ධම්මයුත්තික පාර්ශ්වය මඟින් ජපානයේ ප්‍රධාන සංඝනායක පදවිය ලබාදීමෙන් පසු හුරුලුනිකවැවේ සුදම්ම ස්වාමීන් වහන්සේ විසින් ජපානයේ පැරණිම ශ්‍රී ලාංකික විහාරස්ථානය වන සවරා ලංකාජී විහාරස්ථානයට වැඩම කොට එහි විහාරාධිපති ශ්‍රී ලංකා මහාබෝධි සමාගමේ ගරු සභාපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ කෝට්ටේ කළ්‍යාණී සාමාග්‍රී සංඝ සභාවේ ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයත්, ජපානයේ විහාරස්ථානය ආරම්භ කිරීමට ඉමහත් ශක්තියක් වූ "ජපානයේ ථේරවාද සලකුණ"තෝකියෝ ගෝතමී විහාරාධිපති මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ජපානයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ආචාර්ය පරම පූජ්‍ය අළුබෝමුල්ලේ සුමනසාරාභිධාන නාහිමිපාණන් වහන්සේ, තෝකියෝ හචිඕජි සකමුණි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති උඩරට අමරපුර මහා නිකායේ වැඩබලන මහා නායක තත් නිකායේ ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය යාලගමුවේ ධම්මිස්සරාභිධාන අනුනායක මාහිමිපාණන් වහන්සේ, හචිඕජි 雲龍寺විහාරාධිපති 正尊足利先生、ගුම්මා බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති අතිපූජ්‍ය වැල්ලවත්තේ පඤ්ඤාසිරි නාහිමිපාණන් වහන්සේ යන අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.

views

365 Views

Comments

arrow-up