McDonald's Japanහි ආහාර මිල ගණන් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

McDonald's Japanහි ආහාර මිල ගණන් ඉහළට

McDonald's Japanහි ආහාර මිල ගණන් ඉහළට

කන්ටෝ, කන්සායි සහ අයිචි ප්‍රාන්තවල වෙළඳසැල් 184 ක පමණ ජුලි 19 වැනිදා සිට Big Mac සහ අනෙකුත් ආහාරවල මිල ඉහළ දමන බව McDonald's Japan ඊයේ (19) නිවේදනය කළේය. 

 

ඒ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හේතුවෙනුයි.

 

මේ වනවිට McDonald's සාමාන්‍ය වෙළඳසැල්වලට අමතරව ගුවන් තොටුපලවල සහ තෝකියෝ සහ ඕසකා වැනි නාගරික මධ්‍යස්ථාන වැනි විශේෂ ස්ථාන 13 ක ද ආහාර මිල ගණන් ඉහළ නංවා ඇත.

 

මේ අනුව නගර මධ්‍ය වෙළඳසැල්වල මිල සාමාන්‍ය වෙළඳසැල් වලට වඩා යෙන් 10-90 කින් වැඩි වන අතර අර්ධ නගර මධ්‍ය වෙළඳසැල්වල යෙන් 10-30 කින් පමණ වැඩි වේ. 

 

views

363 Views

Comments

arrow-up