JUN
17
ජපන් යෙන් අගය පහළට

ජපන් බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදකයින් ඔවුන්ගේ මූල්‍ය ප්‍රතිපත්තිය නොවෙනස්ව තැබීම හේතුවෙන් ජපන් යෙන් අගය අඛණ්ඩව පහත වැටී තිබේ.
නිව් යෝර්ක් විදේශ විනිමය මත ජපන් මුදල් යුරෝවට සාපේක්ෂව 155 මට්ටම දක්වා දුර්වල විය.
එය 2008 සැප්තැම්බර් මාසයෙන් පසු වාර්තා වූ අඩුම අගයයි.
මේ අතර යුරෝපීය මහ බැංකුව එහි ප්‍රධාන පොලී අනුපාතිකය සියයට 0.25 කින් ඉහල දැමීමට තීරණය කළ අතර යෙන් ඩොලරයට සාපේක්ෂව ද පහත වැටුණි.
371 Views
Comments