ජපානයේ රන් මිල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

ජපානයේ රන් මිල ඉහළට

ජපානයේ රන් මිල ඉහළට

ඊයේ (19) උදෑසන වන විට Osaka Exchange හි රන් ග්‍රෑම් එකක මිල යෙන් 8,915 ක් හෙවත් ඩොලර් 62.8 ක් ලෙස වාර්තා විය.

 

ඒ අනුව අඛණ්ඩ ව්‍යාපාරික දින දෙකක් සඳහා වාර්තාගත ඉහළ අගයක් වාර්තා කරමින් දිනය නිමාවන විට රන් මිල දැක්වුණේ යෙන් 8,891 ක් හෙවත් ඩොලර් 62.7 ක් ලෙසය.

 

ජපාන මුදල් ඒකකයේ මෑතකාලීන පහත වැටීම රන් මිල ඉහළ යාමට හේතු වී තිබේ.

 

ජාත්‍යන්තර මූල්‍ය ප්‍රතිපත්තිවල වෙනස්කම් හේතුවෙන් ජපානයේ රත්‍රං මිල තවත් ඉහළ මට්ටම් කරා ළඟා වීමට ඉඩ ඇති බව වෙළඳපල ආරංචි මාර්ග පවසයි.

 

එක්සත් ජනපද සහ යුරෝපීය මහ බැංකු සිය දැඩි මූල්‍ය ප්‍රතිපත්ති පවත්වාගෙන යන අතර ජපාන බැංකුව මුදල් ලිහිල් කිරීම දිගටම කරගෙන යයි.

 

views

390 Views

Comments

arrow-up