අවතාර නිසා අතහැර දැමූ ඉමොන්තා දේවස්ථානය

හොසොකො පවුලේ අවතාරය නිසා ජපනුන් ඇතුල්වීම තහනම් කර අතහැර දැමූ "ඉමොන්තා"දේවස්ථානය සොයා අපේ සංචාරය ..
විශ්වාසය හා අවිශ්වාසය අතර මත ගැටුමකට තුඩු දුන් එක්තරා කටකතාවක් දෙස අප කණ්ඩායමේ නෙත ගැටුනේ "පෙපේ" රැකියාව කරනා ස්ථානයට පැමිනි ජපන් ජාතිකයෙක් පැවසූ යම් සිද්ධියක් මූලික කරගෙනය.
" ඒ බන් අද කොන්බිනියට ආපු එකෙක් මාර කතාවක් කිව්වා නේ.. මේ කගාවා හොල්මන් හින්ද වහල දාපු දේවාලයක් තියනවලු.නම කිව්වත් මුන් බය වෙනව..." පෙපේගේ වචන කිහිපයත් සමග මමද ඔහුගේ කතාව වෙත අවදානය යොමු කරේ එවනි ස්ථානයකට යාම එක්තරා ආකාරයක වෙනස් අත්දැකීමක් වන නිසාවෙනි.
"මොකද කියන්නෙ යමුද අඩෝ ඒ උනාට යන්න එපා කිව්වා පැත්ත පලාතේ ගියපු සෙට් එකක් වාහනෙත් එක්ක පෙරලිච්ච කතාවකුයි තව විකාර වගයක් කිව්වා පොඩි බයකුත් තියනවා බන්.." පෙපේ කෙසේ පැවසුවද මාගේ හිත කුතුහලයෙන් පිරි පැවතුනේ මේ ස්ථානය වෙත යන ගමන පිළිබඳවය. " කට්ටියගෙන් අහල කියපන්කො...මම යනවා නාගන්න.." පෙපේ කාමරයෙන් ගිය පසු මම සියලුම වැඩ පසෙක තබා පරිගණක අසලට පැමිණියේ අන්තර්ජාලයෙහි මෙය පිළිබඳව කරුනු සෙවීම සදහාය.
"මාර වැඩක් යකෝ මේකේ මැප් එකක් පෙන්නන්නෙ නෑ නම ගැගුවට එන්නේ නෑ..." මම පෙපේට පැවසූයේ අන්තර්ජාලයෙහ උඩ පහල මෙහි විස්තර සොයන අතරතුරය. සාමාන්‍ය ලිපි අතර එක්තරා අමුතු ආකාරයේ ලිපියක් නෙත ගැටුනේ අපගේ ප්‍රශ්නයට පිලිතුරක් ලෙසය.එහි ගිය ජපන් ජාතිකයෙක්ට මුහුනදීමට සිදුවු අත්දැකීම් සමූහයක් පිළිබඳව ලියා තිබූ සටහනක් වූ අතර එම සටහන අවසානයහි එයට ඇතුලුවන මාර්ගයහි ඡායාරූපයක් එක් කර තිබීමත් සමග අප සංචාරයහි ආරම්භය එම සටහනට අනුව සිදුකිරීමට අප තීරණය කලෙමි.
ඉමොන්දා දේවස්ථානය සොයා යාමට දිනයක් තීරණය කර ගත් අප බඩුබාහිරාදියද සූදානම් කරගනිමින් උදෑසනම පිටත් වූයේ මාර්ගය සොයා ගැනීම සිතූ තරම් පහසු කටයුත්තක් නොවන බව දැනුනු නිසාවෙනි. සිනෙත් ,සුරේෂ් ,හිමාල් සහ පේපේද සංචාරය සදහා එක්වූයේ ඔවුන්ටද මෙම දේවස්ථානය ගැන කන වැටුනු තොරතුරු පිළිබඳව සිතේ තිබු කුතුහලය නිසාවෙනි.
" මේ මැප් එකේ තියෙන්නෙ මිතයො ටවුන් එකට විතරයි එතනට ගිහින් අහගෙන තමයි යන්න වෙන්නෙ කිලෝමීටර් 40ක් විතර පෙන්නනවා.." සිනෙත් පැවසූයේ වාහනය පදවන ගමිනි. ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කෙරූ අප පැයක පමණ ගමනකින් පසුව මිතයො නගරයට ලගා විය.නගරයේ සිට මීටර කිහිපයක දුරින් ඇති අතුරු පාරක්වෙත් අප අවදානය යොමු විය.
" මේ බලපන් මේ පින්තූරෙ තියනවා වගේ නේද පාරත් අතඇරල දාලා මේ උණ ගස් ටික මේක තමයි පාර යමං.." සිනෙත් පැවසුයේ අප සොයාගත් ඡායාරූපය සහ මාර්ගය සන්සන්දනය කරමින්ය. මද දුරක් පාලු පාරහි ඉදිරියට පැමිණි අප හට මාර්ගය නිවරදි නොවන බව වැටහී ගියේ පෙපේ පැවසු දෙයත් සමගය. " හා යමං බලන්න අඩෝ වාහනය හීරෙනවා යකො බලපන් යන්න බෑ පොඩ්ඩක් ඔහොම හිටපන් පාර ඉවරයි යකෝ මල මගුලයි..හරිනේ පෝන් එකෙ සිග්නලුත් නෑ ඔහොම නවත්තපන්..." පෙපේ පැවසූයේ සිනෙත්ගේ පිටට තට්ටු කරමින්ය. වාහනයෙන් බැස ගත් අප සියලු දෙනා මාර්ගය සොයා ගැනීමට උත්සාහ කරද ජංගම දුරකථන සියල්ල අඩපන වී තිබීම අපගේ උත්සාහ ය ව්‍යර්ථ කිරිමට සමත් විය." මේ හරී පාර හොයගත්ත මෙ ගල උඩට සිග්නල් චුට්ටක් ආවා අඩෝ තව යන්න තියනවා කිලෝමීටර් 4ක් විතර.ඔහොම වාහනේ පස්සට ගනින් යමු..." පෙපේ පැවසූයේ ගල්තලාවක් උඩ සිට දුරකථනය ඔසවමින්ය.
වාහන හරවාගත් අප නැවතත් ප්‍රධාන මාර්ගය ඔස්සේ කිලෝමීටර් 4ක් ඉදිරියට ගොස් නිවරදි මාවතට පිවිසියේය. පටු පාරකට ඇතුළු වූ අප ආකාසයට විහිදුනු උණ ගස් කැලය මැදින් ඉදිරියට ගමන් කර දේවස්ථානයට ඇතුළු වන පලමු ටෝරි දොරටුව වෙත ලගා විය. ටෝරි ගේට්ටුව යනු ජපන් සංස්කෘතියහි දේවස්ථාන වෙත ඇතුළු වන විට නිර්මාණය කර ඇති දොරටුවක් වැනි කණුවකි.(⛩️)
"මොකක්ද බන් ඒ එන කුනු ගද..." හිමාල් පැවසූයේ වාහනයෙන් බසිනවාත් සමගය. "අපෝ ඔව් බන් සතෙක් මැරිලා කුනු වෙලා වගේ බන්..." සුරේෂ් පැවසූයේ හිමාල්ගේ අදහස තහවුරු කරමින්ය.මාර්ගයට යාබදව ඇති කුඩා ඉඩ ප්‍රමාණයක වාහනය නැවත්වූ අප ගස් වැල් වලින් වැසී ගිය පාලු පාර දිගේ ඉදිරියට ඇවිද ගියේ දෙවන ටෝරි ගේට්ටුව(⛩️) සොයා ගැනීමේ අරමුණෙනි. ජනප්‍රවාදයට අනුව මම දෙවන ටෝරි ගේට්ටුව(⛩️) දේවස්ථානය අසල පිහිටා ඇති අතර දේවස්ථානයේ බාරව සිටි හොසොකො පවුලේ තිදෙනා දේපල පිලිබද ගැටලුවක් හේතු කර ගනිමින් මෙම ගේට්ටුවෙහි එල්ලී මිය ගොස් ඇත.
" අඩෝ අන්න බලපන් අරක නේද ගේට්ටුව අර ඒක කිට්ටුවම තියෙන්නේ දේවාලේ..." පෙපේ පැවසූයේ උණ බට කැලය මැදින් පෙනෙන දේවාලයේ කොටසක් පෙන්වමින්ය. "ඒත් ඔතනින් යන්න බෑ බන් මේ පැත්තෙන් යන්න ඕන.." සුරේෂ් පැවසූයේ අතීතයේ දේවස්ථානයට යාමට භාවිතා කල වල් බිහි වූ මාර්ගය පෙන්වමිනි. මාර්ගය ඔස්සේ ඉදිරියට ඇදුනු අප ලගා වූයේ අබලන් තත්ත්වයට පත්වූ ටෝරි ගේට්ටුව අබියසටය.මා මෙතෙක් ජපානය තුල දැක ඇති ටෝරි ගේට්ටු සියල්ල තැබිලි පැහැ වුවුද මෙය කලු පැහැයෙන් නිර්මාණය කර තිබීම සිතට චකිතයක් එක් කරනු ලැබීය.ගේට්ටුව පසු කරමින් පාලුවට ගොස් තිබූ මාර්ගය ඔස්සේ අපි ගමන් කරේ අප සොයා ආ ඉමොන්දා දේවස්ථානය වෙතටය.
මහ සුලගට සෙලවෙන විශාල උණ ගස් හා රැහැයියන්ගෙ ශබ්ද සිතට ගෙන එනු ලබන්නේ එක්තරා ආකාරයක පාලු තනිකමකි. විශ්වාසය හා අවිශ්වාසය කෙතරම් තර්කයට තුඩු දුන්නද මෙම ස්ථානයට පැමිණි විට හදවතට දැනෙන ඒ ගොම්මන් පාලුව වචන වලට පෙරලීමට මා සමත් නොවනු ඇත. දේවස්ථානය අසලට පැමිනි විට දැකගැනීමට හැකිවූයේ අවසාන පූජාව සිදු කර අතහැර දැමූ බඩුබාහිරාදි දෑය.ඒ මේ අත විසිරුනු බඩු අතර ජපන් දේව රූපද දැක ගැනීමට හැකිවිය. වටපිටාව කොතන හැරී බැලුවද දැකීගැනීමට හැකිවන්නේ විශාල උණ කැලය පමණක් වීම තවත් සිතෙහි චකිතය වැඩි කිරීමට සමත් විය.ජනප්‍රවාදයට අනුව මේ දේවස්ථානය අවට මිය ගිය හොසොකො පවුලේ හිස නැති ආත්මය සැරි සරන බවත් මෙම ආත්මය මෙහි අනවසරයෙන් පැමිණෙන පිටස්තරයින් වෙත කරදර සිදු කරන බවත් අපට ජපන් ජාතිකයන්ගෙන් දැන ගැනීමට හැකි විය. අප පැමිණි මොහොතේ සිට දැනෙන අප්‍රසන්න දුර්ගන්දය වැඩි වේලාවක් එම ස්ථානයහි සිටීමට බාධාවක් සිදු කරාදෝ දැයි මට හැගේ.
" මේ අපි යමු බන් මේ බලපන් හරි මූසලයි ගද බලපංකො නහයක් තියාගෙන ඉන්න බෑ යමු..." පෙපේ පැවසූයේ අතින් නහයත් වසාගන්නා ගනිමි.අප සමග මෙතෙක් සංචාර සදහා සහබාගී වූ කිසිදු ජපන් ජාතිකයෙක් අප සමග නොපැමිණියේ මෙහි ඇති ජනප්‍රවාදය හා මෙම ස්ථානයහි ඇති පාලු ස්වභාවය නිසාදෝ දැයි මට හැගේ. 2006 වසර දක්වා පූජා පැවත්වූ ඉමොන්දා දේවස්ථානය අද පාලු ගොම්මන් කලුවරහි ගිලී ගිය, වනාන්තරයක් මැද තනිවූ අදුරු සෙවනැලි සැරිසරනා ස්ථානයක් බවට පත්ව ඇත. මද වේලාවකට පසු අප පැමිනි මාර්ගයේම නැවතත් පහලට පැමිණියේ අපේ සංචාරක මතක පිටු අතරට තවත් අලුත් ත්‍රාසජනක අත්දැකීමක්ද එක් කරගනිමින්ය. වාහනයට පැමිණ නැවතත් නිවස බලා ගමන් ආරම්භ කරද මාගේ සිත කල්පනාවකට වැටුනේ තවත් කාලයකදී මෙහි නටබුන් ලොවට හොරා මෙම භූ තලය විසින්ම ගිලදමනු ඇති බවද සිහිපත් කරමින්ය.
ඉතින් ඉමොන්දා දේවස්ථානයේ රූප රචනාවෙන් ඉක්මනින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම්
උපුටාගැනීම : 𝐀𝐫𝐮𝐢𝐭𝐞 ෆේස්බුක් පිටුවෙන්
411 Views
Comments