ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT) යනු කුමක්ද?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT) යනු කුමක්ද?

ජපන් භාෂා ප්‍රවීණතා විභාගය (JLPT) යනු කුමක්ද?

ජපන් භාෂා ප්‍රවීණතා විභාගය 'ජපන් පදනම' (Japan Foundation) සහ 'ජපන් අධ්‍යාපන හුවමාරු හා සේවා සංගමය' (Japan Educational Exchanges and Services) විසින් ක්‍රියාත්මක කරයි. 1984 වර්ෂයේ සිට, ජපන් නොවන ජපන් භාෂාව හදාරන්නාවූ විදෙස් ජාතිකයින් හට පිලිගතහැකි පරිදි තම දැනුම සහතික කර පෙන්වීමට හා නිශ්චිත ඇගයීමක් ලබා දීමක් ලෙස මෙම විභාගය හැඳින්වේ. ආරම්භයේදී, මෙම විභාගයට ලොවපුරා අයදුම්කරුවන් 7000 ක් පමණ අයදුම් කර ඇති අතර 2011 වසර වනවිට එම සංඛ්‍යාව 610,000 කි. එසේම ලෝකයේ මහා පරිමාණව පැතිරී පවත්නා ජපන් භාෂා විභාගය වන්නේද මෙයයි.

 

පසුව, මෙම විභාගය සදාහා වන අයදුම්කරුවන්ගේ වඩා විවිධත්වයක් දක්නට ලැබී ඇති අතර මෙහි ප්‍රථිඵලයන් හැකියා දර්ශකයක් ලෙස රැකියා ක්ෂේත්‍රයේ නිරතවීමට හා උසස්වීම්, වේතනයන් තීරණය වීමට මෙන්ම එය එක්තරා ආකාරයක සුදුසුකමක්ද විය. එසේම මෙම විභාගයේ ප්‍රමිතිය උදෙසා ලොවපුරා විවිධාකාරවූ පාර්ශවයන්ගෙන් සහය ලැබී ඇත. 

 

JLPT විභාගයෙහි ඇති අනුකූලත්වය හා නිරවද්‍යතාවය නොකඩවා පවත්වාගැනීම උදෙසා 'ජපන් පදනම' හා 'ජපන් අධ්‍යාපන හුවමාරු හා සේවා සංගමය' විසින් 2010 වසර වනවිට නව සංශෝධනය කරනලද ක්‍රමයක් හදුන්වා දුන් අතර එය ජපන් ඉගෙනුම් ඉගැන්වීම් ක්ෂේත්‍රයේ පර්යේෂණයන්ගේ උපරිම ඵලනෙලාගැනීමට සමත් විය.

 

 

උපුටාගැනීම අන්තර්ජාලයෙන්

views

492 Views

Comments

arrow-up