ශ්‍රී ලංකාවට ජපන් ශිෂ්‍යත්ව ලබාගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කෙරේ

JICA සහ ශ්‍රී ලංකා රජය මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව (JDS) වැඩසටහනට සහාය වීම සඳහා ජපන් යෙන් මිලියන 284 (ශ්‍රී ලංකා රුපියල් මිලියන 611 ට සමාන) ප්‍රදාන ගිවිසුමක් අගෝස්තු 09 වැනි දින ලේකම් කාර්යාලයේදී අත්සන් කරන ලදී. ජපානයේ කීර්තිමත් විශ්ව විද්‍යාලවලට සම්බන්ධ වීම සඳහා 2024 සිට ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි පාඨමාලා සඳහා විවිධ රාජ්‍ය අංශයේ ආයතනවල නිලධාරීන් 17 දෙනෙකු පිළිගැනීමට මෙම ගිවිසුම තවදුරටත් ඉඩ සලසයි.
JDS යෝජනා ක්‍රමය 2010 දී හඳුන්වා දෙන ලද අතර රාජ්‍ය අංශයේ නිලධාරීන් 222ක් ජපානයේ ආර්ථික විද්‍යාව, කර්මාන්ත, කෘෂිකර්මය, ආපදා අවදානම් අවම කිරීම, මූල්‍ය, ව්‍යාපාර කළමනාකරණය යනාදිය සම්බන්ධ සිය ශාස්ත්‍රපති හෝ ආචාර්ය උපාධි අධ්‍යයන සාර්ථකව නිම කර ඇත.
මෙහිදී JICA ආයතනය විවිධ සංවර්ධන වැඩසටහන් හරහා ශ්‍රී ලංකාවට ලබා දෙන සහය ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ ඇගයීමට ද ලක්විය.
496 Views
Comments