ISRO ගෙන් අඟහරුගේ විශාලතම චන්ද්‍රයාගේ ඡායාරූපයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
05

ISRO ගෙන් අඟහරුගේ විශාලතම චන්ද්‍රයාගේ ඡායාරූපයක්

ISRO ගෙන් අඟහරුගේ විශාලතම චන්ද්‍රයාගේ ඡායාරූපයක්

ඉන්දියාවේ අභ්‍යවකාශ ආයතනය හෙවත් ISRO විසින් අඟහරු පිළිබඳ ගවේෂණය සඳහා මෙහෙයුමක් දියත් කරමින් Orbiter මෙහෙයුම ක්‍රියාත්මක වීමෙන් පසුව අඟහරුගේ කක්ෂයේ ගමන් ගන්නා එහි විශාලතම චන්ද්‍රයාගේ ඡායාරූපයක් ගැනීමට සමත් වූ බව වාර්තා වෙනවා. Orbiter මෙහෙයුමේ ඇති Mars Colour Cam (MCC) මගින් අඟහරුගේ සමීපතම සහ විශාලතම චන්ද්‍රයා වන ෆොබොස්ගේ චායාරූප ලබා ගැනීමට හැකි වූ බව වාර්තා වෙනවා. මෙම ඡායාරූපය පසුගිය ජූලි පලවන දින අඟහරු සිට කිලෝමීටර් 7200 ක දුරකින් ලබාගෙන ඇති බව විශ්වාස කෙරෙනවා. ෆෝබොස්ගේ විශාලතම ආවාට ලෙස හඳුනාගෙන ඇති ස්ටිකන් සහ අනෙකුත් ආවට වන ෂක්ලොව්ස්කි, රොචේ සහ ග්‍රිල්ඩ්‍රික් ද මෙම රූපයේ දී පැහැදිලිව දැක ගත හැකි වෙනවා.

ISRO හි පළමු අන්තර් ග්‍රහලෝක මෙහෙයුම වන මාර්ස් ඕබිටර් මිෂන් (MOM) එහි පළමු උත්සාහයේ දී 2014 සැප්තැම්බර් 24 වන දින අඟහරු කක්ෂයට ඇතුළු විය. MOM සිය ඉලක්කය වූ අඟහරුගේ කක්ෂය වෙත පිවිසීමට පෘථිවි දින 1000 ක් ගත කලේය. මෙහි අඩු පිරිවැය, ලදායීතාවය, කෙටි කාලීනව අරමුණ සාක්ෂාත් කර ගැනීම, ආර්ථික ස්කන්ධ අයවැය වැනි බොහෝ වාසි සහගත තත්වයන් සඳහා MOM ගෞරවය හිමි වේ. ඉන්දියානු රුපියල් කෝටි 450 ක වියදමක් දරමින් සිදුකළ මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ අඟහරු මත මතුපිට හා ඛනිජ සංයුතිය අධ්‍යයනය කිරීම මෙන්ම මීතේන් සඳහා එහි වායුගෝලය පිළිබඳ වැඩිදුර අධ්‍යනය කිරීමයි. මේ සඳහා අඟහරු කක්ෂයේ විද්‍යාත්මක උපකරණ පහක් රඳවා තිබෙනවා. Lyman Alpha Photometer (LAP), Methane Sensor for Mars (MSM), Mars Exospheric Neutral Composition Analyser (MENCA), Mars Colour Camera (MCC) සහ Thermal Infrared Imaging Spectrometer (TIS) ඒ අතර වෙනවා.

 

 

පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා MOM දත්ත භාවිතා කිරීම සඳහා දිවයිනේ පර්යේෂකයින් සඳහා ISRO විසින් MOM සන්නිවේදන වැඩසටහන් දියත් කර ඇත. අඟහරු Orbiter මෙහෙයුමේ සාර්ථකත්වය නිසා ඉන්දියාවේ ශිෂ්‍ය හා පර්යේෂණ ප්‍රජාව විශාල වශයෙන් අභ්‍යවකාශ කටයුතු අධ්‍යනය සඳහා පෙළඹී ඇත. මෙලෙස පළමු වරට අඟහරුගේ චන්ද්‍රයකුගේ චායාරූප ලබාගැනීමට හැකිවීම මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය පෙන්නුම් කරන කාරණයකි. දැනට මෙම පර්යේෂණ වල නිරත වන චන්ද්‍රිකාව යහපත් තත්වයෙන් පසුවන අතර අපේක්ෂිත පරිදි එය දිගටම ක්‍රියාත්මක වේ. මේ ආකාරයට වරින් වර අඟහරු කක්ෂීය අභ්‍යවකාශ යානයෙන් ලැබුණු දත්ත විද්‍යාත්මකව විශ්ලේෂණය කරමින් පවතී.

 

 

 

 

 

 

 

by Dilki Shamani

source : indiatoday.in

views

468 Views

Comments

arrow-up