ඔබටත් සිටින්නේ මුල් ළමා විය ගත කරන දරුවෙක්ද

දරුවෙකු මුල් ළමාවිය කාලය තුළ ඉගෙන ගනු ලබන්නේ වෙනස්ම ආකාරයකටයි. දරුවාට වයස අවුරුදු 8 වන තෙක් වියුක්ත චින්තනය එතරම්ම වර්ධනය වී නැහැ. වියුක්ත චින්තනය යනුවෙන් අදහස් කරන්නේ තමන් ඉදිරියේ නැති දේවල් ගැන වුණත් යම් කෙනෙක් යම් අදහසක් ප්‍රකාශ කළහොත් එය තේරුම් ගැනීමට ඇති හැකියාවයි. දරුවෙකුට අකුරු ලියන්නට උගන්වන්නට පෙර දරුවා එයට සූදානම් ද යන්න බැලිය යුතුයි.
බොහෝ වේලාවට දෙමව්පියන් මේ ගැන නොසිතා දරුවාට බලෙන් අකුරු කියවන්නට හුරුවී සිටී. ළමයාට බලෙන් මේ දේවල් ඉගැන්වීමේදී ළමයා ඒ දෙයට සූදානම් නොමැති නම් ඔවුන්ට අකුරු ලිවීම එපා වනු ඇත. අකුරු ලිවීමට පෙර දරුවාගේ සියුම් චාලක හැකියාවන් වර්ධනය වී තිබිය යුතුයි. දරුවාට පාට කරන්න දීම, අඳින්න, අලවන්න, කපන්න, කොළ කෑලි ගුලි කරන්න දීම ආදිය තුළින් සියුම් චාලක හැකියාවන් දියුණු කළ හැකියි. එමෙන්ම දරුවා සූදානම් නැති දේවල් බලෙන් කරවීම හානිකර බව මව්වරුන් වශයෙන් ඔබ තේරුම් ගත යුතුයි. දරුවා ඉගෙනීමට සූදානම් ද යන්න දැන ගෙන ඉගැන්වීම සිදු කළ යුතුයි. උදාහරණයක් වශයෙන් ළමයා කැමැත්තෙන්ම කුරුටු ගාමින් රවුම් ඇඳීම වැනි දේවල් කරනවානම් ළමයා අකුරු ලියන්න සූදානම් යැයි සිතිය හැකියි. ඉන්පසු ඊට අදාල ක්‍රියාකාරකම් වල දරුවා යොදවන්න උදව් වෙන්න පුළුවන්. පැන්සල වත් අල්ලන්නට බැරි දරුවාට අතින් අල්ලා බලෙන් අකුරු ලියවීමට ගිය පසු ඒ ළමයාට ඉගෙන ගැනීමත් අකුරු ලිවීමත් එපාවී සමහරවිට ඒ ළමයා ඉගෙනීමට යොමු නොවෙන්නත් පුළුවන්. එම නිසා මුල් ළමාවිය තුළ ඉගෙනීමට අවශ්‍ය පරිසරය ලබා දීම මව්වරුන්ගේ යුතු කමයි. මුල් ළමාවිය තුළ ඉගෙනීමට අවශ්‍ය පරිසරය සකස් කළ යුත්තේ සෙල්ලම තුළිනි. සෑම ක්‍රියාකාරකමක්ම විනෝද ප්‍රියජනක උනාම තමයි ළමයා එයට එකතු වෙන්නේ. ඒ තුළ ළමයා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න දේවල් බොහෝමයකි. උදාහරණයක් ලෙස තරාදියකින් කිරණ සෙල්ලම් කරන ළමයෙක්ට ඒ වේලාවේ එය සෙල්ලමක් උනාට ඒ දේ තුළින් හුඟක් දේවල් ඉගෙන ගන්නට පුළුවනි.
මුල් ළමාවිය අධ්‍යාපනය ගුරුවරයා මතම පමණක් රඳා පවතින්නක් නොවේ. එය දෙමාපියන්ගේ හා පෙර පාසල් ගුරුවරුන් යන දෙගොල්ලන්ගේම ඒකාබද්ධ වගකීමකි. දරුවාගේ දුර්වල තැන් හඳුනාගෙන ඒවා සෑදිය යුත්තේ කෙසේද යන්න දෙමාපියන් හා ගුරුවරුන් වගකීමක් ගත යුතුම වන්නේය. එවිට ඔබගේ දරුවා ද වඩාත් කාර්යශූර සහ නිර්මාණශීලී දරුවෙක් බවට නිසැකයෙන්ම පත්වනු ඇත. දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනය කළ යුත්තේ ඔවුන්ගේ ළමා කාලය අහිමි කිරීමෙන් තොරව බව විශේෂයෙන්ම මවුවරුන් සහ ගුරුවරුන් විසින් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
789 Views
Comments