ව්‍යාපාරයට ණය ගැනීම මෙන්ම ණය කළමනාකරණයත් වැදගත්

වර්තමානයේ දී බොහෝමයක් ව්‍යාපාරිකයන් විසින් තම ව්‍යාපාර කටයුතු පුළුල් කර ගැනීම සඳහා නොයෙක් මූල්‍ය ආයතනවලින් ණය ලබා ගැනීම් සිදු කරයි. ණය මුදලක් ගන්න කලින් කරන සැලසුම මෙන්ම ණය මුදල ලබා ගත් පසුව එය කළමනාකරණය කරගන්න ක්‍රමයක් ව්‍යාපාරයක් කරන ඔබ දැනුවත් විය යුතුම කාරණාවක්. ව්‍යාපාරික ණය මුදල් ලබා ගන්නා බොහෝ දෙනෙක් ණය උගුල්වල පැටලෙන්නේ ද අවශ්‍ය යැයි සිතා අනවශ්‍ය දේ සඳහා එම මුදල් යෙදවීම නිසාවෙනි. ණය ගනුදෙනුවක් වේදනාකාරී අත්දැකීමක් වෙන්න පුලුවන් නිසි සැලසුමකින් තොර වුව හොත්.
යම් මුදලක් අතට ලැබුණු විට එය විශාල සහනයක් විදිහට දැනෙනවා මෙන්ම එය වියදම් කරන්නත් බොහොම පහසුයි. නමුත් ඒවා නැවත ඉපයීම පහසු කාරණාවක් නොවේ. මේ නිසා ණය මුදල බොහොම සැලසුම් සහගතව වියපැහැදම් කිරීමේ සැලැස්මක් ව්‍යාපාරිකයෙකු ළඟ තිබිය යුතුයි. ණය මුදලක් යනු විශාල වගකීමක් බව ව්‍යාපාරික ඔබ සිතට ගත යුතුයි. එය ලබාගන්නේ ව්‍යාපාරය වෙනුවෙන් ආයෝජනය කිරීමට වුවද ජීවිතයේ තීරණාත්මක ගනුදෙනුවක් විදිහටත් මේ ගැන අවධානය යොමු කළ යුතුයි. ව්‍යාපාරික ඔබ ණය මුදල් ආයෝජනය කරන්නේ අනාගත ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් වන බැවින් එම ප්‍රතිලාභ ලැබෙන තුරු අර පරිස්සමෙන් ආදායම් වියදම් පාලනය කර ගැනීම වැදගත්. එය මූල්‍ය විනය යනුවෙන් හැඳින්විය හැකිය. නිසි ආකාරයේ මූල්‍ය විනයක් ව්‍යාපාරිකයෙකුට නොමැති නම් ඔහු හෝ ඇය විසින් ණය මුදල් ලබා ගැනීම නිෂ්ඵල කාර්යයකි. එම නිසා තමා විසින් මුදල් ආයෝජනය කළ යුත්තේ කුමක් සඳහා දැයි මුලින්ම තීරණය කළ යුතුයි. ණය මුදල ගන්න කලින් සැලසුම් හැදූ ඔබ ණය මුදල ගත් පසුවත් එය ආයෝජනය කරන ආකාරය පිළිබඳව හොඳ සැලැස්මක් ගොඩනගා ගත යුතුයි. ඔබට ව්‍යාපාරිකයෙකු වශයෙන් එවැනි සැලැස්මක් සකස් කර ගැනීමට නොහැකි නම් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරීන් සමඟ සම්බන්ධ වී අදාළ උපදෙස් ලබා ගැනීමට හැකියාවක් පවතී. ණය වාරිකය ගෙවිය යුත්තේ කවදාද, මසකට කොපමණ ප්‍රමාණයක් වැඩිපුර ඉපැයිය යුතු ද, එවැනි ආදායමක් ඉපැයීමට කල හැකි දේවල් මොනවාද, දෛනික වියදම් පාලනය කරනවා ද, වෙනත් ආදායම් මාර්ගයක් සලසා ගන්නවා ද ආදී වශයෙන් අනාගත ණය ගෙවීම් සැලැස්මක් ඔබ සකස් කරගත යුතුයි. ස්මාට් ෆෝන් භාවිතා කරන ව්‍යාපාරික ඔබට මෙවැනි දත්ත සටහනක් තබාගන්න app භාවිතා කරන්න පුළුවන්. කුමන හෝ ක්‍රමයකට ගනුදෙනුවල සටහන් තබා ගැනීම අත්‍යවශ්‍ය බව දැන් ඔබට වැටහෙනවා ඇති. මාසික ආදායම් වියදම් මෙන්ම අනාගත ආයෝජන මතුකර ගැනීමටත් මෙම සැලසුම් උපකාර වේවි. එවිට ඔබටත් ඔබ ලබාගත් ණය මුදල් නිසි ලෙස ආයෝජනය කර සාර්ථක ව්‍යාපාරිකයෙකු බවට පත්වීමට හැකියාවක් ලැබෙනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
779 Views
Comments