විද්‍යාත්මක හේතු - 04
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
22

විද්‍යාත්මක හේතු - 04

විද්‍යාත්මක හේතු - 04

අප මෙම ලිපි පෙළින් අදත් අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට වැදගත් වන විද්‍යාත්මක හේතු පිළිබඳව පැහැදිලි කිරීමක් ගෙන ආවා.

කෙසේවෙතත් දුවා දරුවන්ට මෙන්ම ඕනෑම අයෙකුට මෙම කරුණු කාරණා පිළිබඳව දැන සිටීමේ වටිනාකමත් ඇති බව අපි මතක් කරනවා.

FACT 01 : බැවුම් සහිත ඉඩමක කාණු කැපීම කළ යුත්තේ ඉඩමේ ඉහළ සිට පහළට නොව , හරස් අතටයි. එහිදී ඉහළ සිට පහළට කාණු කැපීමෙන් පාංශු ඛාදනය වේගවත් වන අතර, හරස් අතට කාණු කැපූ විට පාංශු ඛාදනය අඩු වේ.

FACT 02 : ආපන ශාලාවල ආහාර පිළියෙල කරනු ලබන මේසය මත යකඩ තහඩු නොව, ඇලුමිනියම් තහඩු අතුරනු ලැබේ. එයට හේතුව වන්නේ මෙම තහඩු නිතර තෙත් වන හෙයින් යකඩ තහඩු ඉතා ඉක්මනින් මල බදී. නමුත් ඇලුමිනියම් වල එසේ වන්නේ නැත. ( ඇලුමිනියම් මත සෑදෙන ඔක්සයිඩය ආරක්ෂක පටලයක් ලෙස ක්‍රියා කරයි ).

FACT 03 : විකිණීමට තබා ඇති පලා වර්ග මත ජලය ඉසීමෙන් වියළී යාම වැළකේ. එවිට අවට ඇති ජල වාෂ්ප සාන්ද්‍රනය වැඩි වෙන අතර පලා වල උත්ස්වේදන ක්‍රියාවලිය මගින් ජලය පිට නොවන හෙයින් වියළී යාම වලකී.

FACT 04 : වනාන්තර වල ඇති ශාක බොහෝ විට උසින් වැඩෙන්නේ එම ශාක එක ලඟ වැඩීම නිසා අලෝකය සඳහා තරඟයක් පවතින හෙයින් ආලෝකය දෙසට හැදීමෙන් උස වැඩිවේ.

 


FACT 05 : අප රටේ තේ හොඳින් වැවෙන්නේ කදුකර ප්‍රදේශ වලයි. එසේ වන්නේ තේ ගස වැඩීමට බලපාන දේශගුණික තත්වයන් ( උෂ්ණත්වය , වර්ෂාව වැනි ) කදුකර ප්‍රදේශයේ ඇති නිසාවෙනි.

FACT 06 : මාළු ටැංකි තුළ මදුරුවන් බෝ වන්නේ නැත. ඒ මදුරුවන් එහි දමන බිත්තර හෝ එයින් පිටවන කීටයන් මාළුවන් විසින් ආහාරයට ගන්නා නිසාය.

FACT 07 : කුඩා වැලි කැට ජලයේ ගිලෙන නමුත් විශාල ලී කොටයක් ජලයේ පාවෙයි. වැලි වල ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි නිසා වැලි ජලයේ ගිලේ. නමුත් ලී වල ඝනත්වය, ජලයේ ඝනත්වයට වඩා අඩු නිසා ජලය මත පාවේ.

FACT 08 : දිවා කාලයේදී ගැඩවිල් පණුවෝ පස මතුපිටට නොපැමිණේ. ගැඩවිලාගේ ස්වසන පෘෂ්ඨය වන්නේ සමයි. සම තෙත්ව නොමැති නම් ඌට ස්වසනය කළ නොහැකි නිසා මිය යයි. දිවා කාලයේදී පස මතු පිටට පැමිණීමෙන් හිරු එළියේ රශ්මියට සම වියළී ස්වසනය අපහසුව මිය යන නිසා ගැඩවිලා පස මතුපිටට නොපැමිණේ.

 


FACT 09 : රෝගියෙකුට රුධිර සාම්පලයක් ලබා දීමට පෙර රුධිර ගණය පරීක්ෂා කර බලනු ලබෙයි. මිනිසාගේ රුධිර ගණ හතරකි. A , B , AB හා O යනුවෙනි. රුධිර පාරවියලනයේදී රුධිර ගණ නොගැලපුණහොත් රුධිරය කැටි ගැසේ. මෙය අවධානම් තත්වයකි. එනිසා රුධිර ගණය පරීක්ෂා කරනු ලබයි.

FACT 10 : මුදවාපු කිරි දින කිහිපයකදී ඇඹුල් රස වේ. මුදවාපු කිරි ඇඹුල් රස වන්නේ එහි ලැක්ටික් නැමැති අම්ලය සෑදීම නිසාවෙනි.

 

 

 

 

 

 

 

by Kaushalya De Silva

Photo source : Internet

views

2804 Views

Comments

arrow-up