JAN
17
ස්ත්‍රියට නුසුදුසු දේහ ලක්ෂණ

පුද්ගලයකුගේ දේහ ලක්ෂණ අනුව ඔහුගේ චරිත ලක්ෂණ කිව හැකි බව ප්‍රසිද්ධ කාරණයක් වෙනවා. මේ සූදානම් වෙන්නේ කාන්තාවකට නුසුදුසු දේහ ලක්ෂණ ගැන ඔබව දැනුවත් කරන්න.
- ස්ත්‍රියකගේ රෝම කූපයක රෝම දෙක බැගින් පිහිටියේ නම් ඇය දිළිඳු වැන්දඹුවකි. රළු රෝම සහිත ස්ත්‍රිය දරුණුය, දුෂ්ටය, හිතුවක්කාරිය.
- ස්ත්‍රියකගේ දඹර ඇඟිල්ල පමණට වඩා දික්වූ යේ ද ඇය ඉතා මුරණ්ඩු තම සැමියාට පවා නින්දිත ලෙස කතා කරන තැනැත්තියකි.
- පොළවට මහත් ඉහළින් සුළැඟිල්ල පිහිටි කතගේ සැමියා අඩු වයසින් මියයයි.
- පර පුරුෂ සේවනයේ යෙදෙන කාන්තාවගේ සුළැඟිල්ල අහස දෙසට ඉස්සී තිබේ.
- ස්ත්‍රියකගේ පාදයේ ඇඟිලි එක පිට එක සිටින ආකාරයට පිහිටියේ ද ඇය පරපුරුෂයන් සමග සතුටු වන්නීය. නිරූපිකාවන්ගේ ඇඟිලි මෙසේ පිහිටා ඇත.
- ගමන් කරන විට දෙවැනි ඇඟිල්ල බිම ස්පර්ෂ නොවේ නම් ඇගේ පළමු සැමියා මියයයි. ඇගේ දෙවැනි සැමියාත් මියයයි. මැදඟිල්ල බිම ස්පර්ශ නොවේ නම් තෙවැනි සැමියා ද මියයනු ඇත.
- කාන්තාවකගේ දෙනෙත වට වූද මොළොක් වූයේ ද නිල් පැහැ වූයේ ද ඇස් බැම දුන්නක් ආකාර වූයේ ද ඇය රාගාධික වන අතර, තුනී වූ පහතට නැවුනා වූ ඇස් ඇත්තී පරපුරුෂයන් කරා යන්නේය.
- තවද දිගුවන් වූ ද මහත් වූ ද ඍජු වූද අක්ෂි යුගල සහ තුනී වූ ලෝම සහිත දෙබැම ඇත්තී අශිෂ්ට ගුණෙයන් යුතු වේ.
- අග මහත් වූ රත් පැහැ ගැන් වූ නැමීගිය ස්වභාවයක් පෙන්නුම් කරන නහය ඇත්තී සැමියා විසින් අතහැර දමන්නියක් වන බවත්, අග පැතලි වූ නාසය ඇත්නම් අනුන්ට බැල මෙහෙවරකම් කරන්නියකි.
- පහතට එල්බෙන්නා වූ නාසය ඇත්තී සැමියාට විරුද්ධකම් කරන ගුප්ත ලෙස සොර සැමියන් සොයායන්නියකි.
- ස්ත්‍රී නළල් තලය රෝමවලින් වැසී තිබීම ලෙඩ රෝග වැලඳීමට හේතු වේ.
- පිරුණු බවින් යුතු කොණ්ඩය ඇති කත මානයෙන් හිස උදුම්මා ගත් දාමරික අය සමග සම්බන්ධකම් පවත්වන වැරැදි ක්‍රියාවලට සම්බන්ධ වන කෙනෙක්වේ.
- කාන්තාවකගේ ඉදිරි දත් පෙළ අතර හරි මැද හිදැසක් තිබේ ද ඇයගේ විවාහ ජිවිතයට කරදර ඇති වේ.
- යට ඇන්දේ දත් විකාර ලෙස පිහිටියේ නම් ඇය විශ්වාස කළ නොහැකිය. නිකට හරි මැද උපන් ලපයක් පිහිටීම කාමුක බව පෙන්වයි. තවද නිකටෙහි රැවුල මෙන් රෝම ඇත්තේ පාපී ස්ත්‍රියන්ටය.
- ඉන්නෙක් මෙන් විශාල ලපයක් නිකට මැද ඇත්නම් ඇය චරිතය කෙලෙසා ගන්නා පව්කාරී කාන්තාවකි.
By : Dilki Shamani
Photo Source : Internet
1637 Views
Comments