ඩයනාට රට යන්න අවසර

ආගමන විගමන නීති උල්ලංගණය කරමින් විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළේ යැයි කියන සිද්ධියට අදාළව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් තහනම දින පහකට ඉවත් කල කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඇයට විදේශ ගතවීමට අද (15) අවසර දුන්නේය.
තම සේවාදායිකාවට සිංගප්පූරුවේ සහ යුරෝපයේ සංචාරයක් සඳහා ආරාධනා ලැබී ඇති බැවින් තහනම් කර ඇති විදෙස් ගමන් තහනම දින පහක් සඳහා ලිහිල් කර දෙන ලෙසට ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය .
195 Views
Comments