පිටකොටුවේ ඉඟි බිඟි පාන කාන්තාවන්ගෙන් පරෙස්සම් වෙන්න - අලුත්ම ඡාවාරම මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
12

පිටකොටුවේ ඉඟි බිඟි පාන කාන්තාවන්ගෙන් පරෙස්සම් වෙන්න - අලුත්ම ඡාවාරම මෙන්න

පිටකොටුවේ ඉඟි බිඟි පාන කාන්තාවන්ගෙන් පරෙස්සම් වෙන්න -  අලුත්ම ඡාවාරම මෙන්න

උත්සව සමයේ කොළඹට පැමිණෙන පිරිමි පාර්ශ්වයන් හට කාන්තාවන් කණ්ඩායමක් විසින් ඉඟි බිඟි පා පාළු ස්ථාන කරා ගෙන ගොස් ඔවුන්ගේ දේපොළ කොල්ලකෑමේ සිදුවීම් රැසක් පොලිසියට අනාවරණය වී ඇති අතර මේ අපරාධයන් කාන්තාවන් හා පිරිමින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් මෙහෙයවන බවට පොලිසියට වාර්තා වී තිබේ. මේ පිළිබඳව කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරින් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමකදී හෙළි වී තිබේ.

 

මීට පෙරත් මෙම අපරාධ සම්බන්ධයෙන් දඬුවම් ලබා ඇති කාන්තාවන් හා පිරිමින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් විසින් මෙම ජාවාරම මෙහෙයවන බවට පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර උත්සව සමයේ විකිණීම සඳහා භාණ්ඩ රැගෙන එන ව්‍යාපාරිකයන්, අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම් බලා පිටව යන ආරක්ෂක අංශ නිලධාරින්, විවිධ කාර්යයන් සඳහා කොළඹ නගරය වෙත පැමිණෙන තරුණයන් මෙලෙස මංකොල්ලකෑමට හසුවන බව පොලිසිය සඳහන් කර සිටී.

 

මෙම කොල්ල කල්ලියේ සාමාජිකයන් කිහිපදෙනෙක් මේ වන විටත් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.

views

225 Views

Comments

arrow-up