LPL 2020 : ගෝල් ග්ලැඩියේටර්ස් පිලට පිට පිට පස්වන පරාජයත් හිමිවෙයි.
LPL 2020 තරගාවලියේ දඹුල්ල වයිකින් හා ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර තරගයේ ජය හිමිකර ගැනීමට දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04කට ලකුණු 207ක් ලබා ගැනීමට සමත්වුණා.
අගනා ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග පන්දු 54 කදී ලකුණු 77 ක් ලබා ගත්තා.
නිරෝෂන් දික්වැල්ල ලකුණු 60 ක් රැස්කලේ පන්දු 37ක් පමණක් වැයකරමින්. දසුන් ශානක ලකුණු 37 යි.
පන්දු යැයීමේදී ධනංජය ලක්ෂාන් කඩුළු 02 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකිරීමට පිටියට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ලකුණු පුවරුව පන්දුවාර 13 ක් අවසානයේ ලකුණු 141 ක ප්‍රබල තත්වයක පැවතුනත් අසාම් ඛාන්ගේ දැවීයාමත් සමඟ තරඟය දඹුල්ල වයිකින් දෙසට නතු කරගැනීමට වයිකින් පන්දු යවන්නන් සමත් වුණා.
මෙහිදී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කල ධනුශ්ක ගුණතිලක පන්දු 52කදී ලකුණු 78ක් සහ අසාම් ඛාන් පන්දු 24කදී ලකුණු 55ක් රැස් කලා.
කෙසේ වෙතත් නියමිත පන්දුවාර 20 අවසානයේ ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 198ක් පමණයි.
තරඟයේ වීරයා අන්වර් අලී
236 Views
Comments