ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය ශාන්ත පීතර බැසිලිකාවට

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය අද (23) මහජන ගෞරවය සඳහා ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කරනු ලැබුවේය.
ඒ අනුව ලක්ෂ සංඛ්‍යාත කතෝලික බැතිමතුන් මේ වනවිට රෝමය සහ වතිකානය වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු ලබන සෙනසුරාදා සිදුකිරීමට නියමිතව පවතී.
ඒ ඊයේ රැස්වූ කාදිනල් මඬුල්ල ගත් තීන්දුවකට අනුවය.
උන්වහන්සේගේ අවමංගල කටයුතු සිදුකරන සැලැස්ම ද මෙහිදී අනාවරණ කෙරුණි.
ලබන සෙනසුරාදා දක්වා ශාන්ත පීතර බැසිලිකාවේ තැන්පත් කෙරෙන දේහය අනතුරුව ශාන්ත පීතර චතුරස්‍රයට රැගෙන ගොස් අවමංගල උත්සවය පැවැත්වීමට නියමිතය.
පසුව නැවතත් ශාන්ත පීතර බැසිලිකාව තුළට රැගෙන යන දේහය ඉන් අනතුරුව උන් වහන්සේගේ අවසන් ගිමන් ලබන ස්ථානය වන ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවට රැගෙන යනු ඇත.
ඒ රිය පෙරහරකින්ය.
මෙම අවස්ථාවේදීත් මාර්ගය දෙපස රැස්වී පාප් වහන්සේ වෙත සිය ගෞරවය දැක්වීමේ අවස්ථාව ජනතාවට හිමිකර දී තිබේ.
42 Views
Comments