SEP
26
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක බාබර් අසාම්ට දඩයක්

අධිවේගී මාර්ගයක නියමිත වේගසීමා උල්ලංඝණය කර මෝටර් රථය ධාවනය කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් නායක බාබර් අසාම්ට දඩ නියම කර තිබේ.
පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ ලාහෝර් පොලීසිය මගින් පාකිස්ථාන නායකයාට මෙලෙස දඩ නියම කර ඇති බවය.
ඒ අනුව බාබර් අසාම්ට පාකිස්තාන රුපියල් 2000ක මුදලක් දඩ වශයෙන් නියම කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්ථාන නායකයා පන්ජාබ් අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර 150කට වඩා වැඩි වේගයෙන් සිය මෝටර් රථය ධාවනය කර ඇති බවය.
257 Views
Comments