ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු “රූඩි කර්ස්ටන්” රිය අනතුරකින් මරුට

විශ්‍රාම සුවයෙන් පසුවූ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු රූඩි කර්ස්ටන් දකුනු අප්‍රිකාවේ සිදුවූ මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය අඟහරුවාදා රිවර්ස්ඩේල් අසලදී මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ මෙම අනතුර නිසා විනිසුරු Rudi Koertzen සහ තවත් පුද්ගලයින් තිදෙනෙකු මිය ගිය බව එරට ප්‍රවෘත්ති වාර්තා අනාවරණය කළේය.
මියයනවිට 73 හැවිරිදි වියෙහි පසුවූ ඔහු දකුනු අප්‍රිකානු ජාතිකයෙකි. පසුගිය කාලයේ විවේකයෙන් පසුවිය.
සිද්ධිය වූ දිනයේ සති අන්තයේ ගොල්ෆ් ක්‍රීඩා කිරීමට ගිය බවත් ඉන් පසු කේප්ටවුන් සිට ආපසු නිවස බලා යමින් සිටියදී මෙම ඛේදජනක සිදුවීම සිදුවූ බවත් වාර්තා කර තිබේ.
ඔහුගේ පුත්‍රයා මාධ්‍ය වෙත පැවසුවේ, "ඔහු ඔහුගේ මිතුරෙකු සමඟ ගොල්ෆ් තරඟාවලියකට ගියා, ඔවුන් සඳුදා ආපසු පැමිණෙන්න හිටියේ තවත් දවසක් පහුවෙන බවකියා තිබුණා. එසේ පසුදින එද්දීයි අනතුර සිදුව
ඇත්තේ‘ යනුවෙනි.
වාර්තාගත එක්දින තරග 209ක් විනිශ්චයට සහභාගි වූ රූඩි කර්ස්ටන් ටෙස්ට් තරග 100 සීමාව පසුකරමින් විනිශ්චය කළ ICC විනිසුරුවන් තිදෙනාගෙන් කෙනෙකි.
Koertzen 2007 වසරේ බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය අතර ක්‍රිකට් ලෝක කුසලාන තරගයෙන් පසු කීර්තිමත් විනිසුරු ඩේවිඩ් ෂෙපර්ඩ්ගේ එක්දින තරග 172ක වාර්තාව අභිබවා ගිය අතර පසුව වාර්තාගත එක්දින තරග 209ක විනිසුරුවරයා ලෙස කටයුතු කළේය.
305 Views
Comments