Instagram වෙත යූරෝ මිලියන 405ක දඩ නියමවෙයි

දත්ත කඩ කිරීම සම්බන්ධයෙන් අයර්ලන්ත නියාමකයින් Instagram වෙත යුරෝ මිලියන 405ක දඩයක් පනවා තිබේ.
ඒ ළමයින්ගේ ඊමේල් ලිපින සහ දුරකථන අංක ඇතුළුව ළමයින්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් Instagram වෙත එල්ල වුනු චෝදනා නිසා බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
වයස අවුරුදු 13 සහ 17 අතර පරිශීලකයින්ගේ ඊමේල් ලිපින සහ දුරකථන අංක ඇතුළු පුද්ගලික තොරතුරු Instagram විසින් රඳවා ගන්නේ කෙසේද යන්න පිළිබඳව අයර්ලන්ත බලධාරීන් විමර්ශනය කර තිබුණි.
Instagram සමාජ මාධ්‍ය තුල ගිණුමක් විවෘත කිරීමට අවම වශයෙන් වයස අවුරුදු 13ක් විය යුතු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
DPC අයර්ලන්ත ජනරජයේ යුරෝපීය මූලස්ථානය විසින් ඵැඒ සමාගමට ලබා දුන් තෙවන දඩය මෙය වන අතර පසුගිය වසරේ WhatsApp හට වෙනත් Meta සමාගම් සමඟ මිනිසුන්ගේ දත්ත හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් විනිවිදභාවය පිළිබඳ නීති උල්ලංඝනය කිරීම නිසා යුරෝ මිලියන 225ක දඩයක් නියමවිය.
කෙසේවෙතත් මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව Meta ආයතනය පවසයි.
254 Views
Comments