ශ්‍රී ලංකාවට ලකුණු 187ක විශිෂ්ඨ ජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
25

ශ්‍රී ලංකාවට ලකුණු 187ක විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 187ක විශිෂ්ඨ ජයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 187කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත්විය.


තරගයේ 5වන දිනය වූ අද දිනයේ ලකුණු 348ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සංචාරක කොදෙව් කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 160කට සියලු‍ දෙනා දැවී ගියේය.

 

ලසිත් ඉඹුල්දෙනිය ලකුණු 46කට කඩුලු‍ 5ක් දවාගත් අතර එය ඔහු ටෙස්ට් ඉනිමකදී කඩුලු‍ 5ක් දවාගත් සිව් වැනි අවස්ථාව වන අතර රමේෂ් මෙන්ඩිස් ලකුණු 64කට කඩුලු‍ 4යි.

 

කොදෙව් දෙවැනි ඉනිම වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ බෝනර් නොදැවී ලකුණු 68යි.

 

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 386ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම ලකුණු 230ක් රැස්කළේය. 

 

අනතුරුව දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවනි ඉනිම සඳහා පන්දු ඕවර 40.5කදී කඩුලු‍ 4ක් දැවී ලකුණු 191 රැස්කළේය.

 

නායක දිමුත් කරුණාරත්න ලකුණු 83යි.

 

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 69යි.

 

ඒ අනුව එම තරඟයෙන් ලකුණු 187ක ජයක් වාර්තාකරමින් තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ 1ට 0ක් ලෙස පෙරමුන ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

views

611 Views

Comments

arrow-up