JAN
05
“සුසිල්ගේ පුටුවට යන්න මගෙ කිසිම සූදානමක් නෑ” - එස්. බී. දිසානායක

පුරප්පාඩු වුණු රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා පත්වීමට තමාගේ කිසිදු සූදානමක් නැතැයි එස්. බී. දිසානායක මහතා පැවසුවේය.
හිටපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා ධුරයෙන් ඉවත්කිරීමෙන් අනතුරුව පුරප්පාඩුව පවතින එම ධුරය එස්. බී. දිසානායක මහතාට ලබාදීමට යන බවට පැතිර ගිය රාවය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා මේ බව කියා සඳහන් කළේය.
689 Views
Comments