බොර තෙල් මිල පහලට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

බොර තෙල් මිල පහලට

බොර තෙල් මිල පහලට

ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (05) අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

 

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 76.77 දක්වාද වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.39ක් දක්වාද අඩුවී තිබුණි.

 

පසුගිය සිකුරාදා බ්‍රෙන්ට් බැරලයක මිල 3%කින් පමණ අඩුවූ අතර එය ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ අඩුම මිල විය.

 

විශේෂයෙන්ම මැද පෙරදිග වර්ධනය වෙමින් පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බොර තෙල් සැපයුමට බාධා ඇතිවේ යැයි වෙළෙඳපොළ පාර්ශ්ව තුළ යම් චකිතයක් නිර්මාණය වෙමින් ඇති බව සඳහන් ය.

views

218 Views

Comments

arrow-up