වතු කම්කරුවන්ගේ දාහේ සිහිනය මෙවරත් බොඳ වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

වතු කම්කරුවන්ගේ දාහේ සිහිනය මෙවරත් බොඳ වෙයි

වතු කම්කරුවන්ගේ දාහේ සිහිනය මෙවරත් බොඳ වෙයි

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දැමීමේ වැඩපිළිවෙල තවදුරටත් කල් යමින් පවතිනවා.

 

සති කිහිපයක් තුළ යෝජනා ඉදිරිපත් කිරීමේ කොන්දේසි මත ඊයේ පැවති සාකච්ඡාව ද නිමාවට පත් වූ බවයි අගමැති කාර්යාලය සඳහන් කළේ.

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වතු සමාගම් හිමිකරුවන් අතර එම සාකච්ඡාව පැවැත්වුණා.

 

කෙසේ වෙතත් එහිදී තීරණය වී ඇත්තේ වතු කම්කරු වැටුප් ඉහළ දැමීම පිළිබඳ ධනාත්මකව අවධානය යොමු කර ඊට අදාළ යෝජනා ඉදිරි සති කිහිපය තුළ ඉදිරිපත් කිරීමටයි.

 

වතු සමාගම් හිමිකරුවන් ඊට එකඟතාව පළ කිරීමෙන් අනතුරුව සාකච්ඡාව නිමාවී තිබුණා.

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ ඉදිරි අයවැය යෝජනාවලින සැකසීමට පෙර අදාළ යෝජනා ඉදිරිපත් වී තිබීම ඉතා වැදගත් බවයි.

 

මේ අතර කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ වතු සමාගම් මුහුණදී සිටින ගැටලු පිළිබඳ ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධානය යොමු කර තිබෙනවා.

 

views

653 Views

Comments

arrow-up