වරිපනම් බදු වසර 02ක් යනතුරු වැඩි නොකෙරේ

පළාත් පාලන ආයතන මඟින් අය කරන වරිපනම් බදු වසර දෙකක් යනතුරු ඉහළ නොදැමීමට රජය තීරණය කරයි.
කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා.
විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙලෙස අනුමැතිය හිමි වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.
605 Views
Comments