ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශ

ඊයේ (18) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 327 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

 

ඊයේ දින ද හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.එම සංඛ්‍යාව 157කි.

 

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 111ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 06ක් වශයෙන් හඳුනාගෙන තිබේ.

 

මේ අනුව ඊයේ දිනය වනවිට කොවිඩ් -19 ආසාදිත මෙරටින් වාර්තා වූ සමස්ථ සංඛ්‍යාව 18,401ක් වන අතර ඉන් පුද්ගලයින් 12,586ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

 

ආසාදිතයින් 5,746 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

 

මේ අතර ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් දිස්ත්‍රික්කය කොළඹ - 157

ගම්පහ - 111

රත්නපුර - 06

ගාල්ල - 03

කළුතර - 02

අනුරාධපුර - 02

මාතර - 02

පුත්තලම - 01

කුරුණෑගල -01

නුවරඑළිය - 01

බදුල්ල - 01

 

ඊට අමතරව පොලීසියේ 02ක්

පොලිස් විශේෂ කාර්ය බලකායේ 06 දෙනෙක්

වැලිකඩ බන්ධනාගාරයේ 21 දෙනෙක්

වශයෙන්ද කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගැණුනි.

 

තවද ප්‍රදේශය හඳුනානොගත් ආසාදිතයින් 09 දෙනෙකු සහ විදේශගතව සිට පැමිණි 02ක් ඊයේ දවසේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත් ය.

 

 

views

736 Views

Comments

arrow-up