පාර අයිනේ සිසුවෙකු දණගස්වා පහරදුන් තිදෙනෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
27

පාර අයිනේ සිසුවෙකු දණගස්වා පහරදුන් තිදෙනෙක් අත්අඩංගුවට

පාර අයිනේ සිසුවෙකු දණගස්වා පහරදුන් තිදෙනෙක් අත්අඩංගුවට

මාර්ගයක් අසල සිසුවෙකු දණගස්වා පහරදෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් 16 හැවිරිදි සැකකරුවන් තිදෙනෙක් කෑගල්ල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් ඊයේ(26) අත්අඩංගුවට ගත්තේය.

 

පසුගිය 20 වනදා කෑගල්ල පිටිහුම ප්‍රදේශයේදී බස් රථය එනතුරු රැඳීසිටි දමුණුපොල ප්‍රදේශයේ සිසුවෙක්ට මෙම අමානුෂික ප්‍රහාරය එල්ලකර තිබුණි.

 

සිද්ධියට පස්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සම්බන්ධවී ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.

 

අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (27) කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

102 Views

Comments

arrow-up