තවත් කොරෝනා ආසාදිතයින් 7කට සුවයි

තවත් කොරෝනා ආසාදිතයින් හත්දෙනෙකු සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් ගණන 116 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 420 දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ පමණක් මෙරටදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 52කි.
එය දිනක් තුළ මෙරටදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන වේ.
මේ අතර කොරෝනා බවට සැක සහිත රෝගීන් 247 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
564 Views
Comments