ජනපති මැඳුරේ ඇඳ ඇතිරිල්ලක් සොරාගත් අරගලකරුවා රක්‍ෂිත බන්ධනාගාරයට

ජනපති මැඳුරේ තිබූ ඇඳක ඇතිරිල්ලක් සොරා ගත්තේයැයි කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයත් අඩංගුවට ගත සැකකරුවෙකු ලබන 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද(26) නියෝග කළේය.
මෙම සැකකරු ජුලි 09 වැනිදා මහජනතාව සමඟ ජනාධිපති මන්දිරයට ඇතුළු වී ඇති බවත් එහිදී ජනපති මැදුරේ තිබූ ඇඳක ඇතිරිල්ලක් සොරාගෙන ඇතැයි කරුණු අනාවරණය වන බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අදාල සීසීටීවී දර්ශන සහ වීඩියෝ පට පරිශීලනය කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
217 Views
Comments